මා කුඩා කාලයේ අපගේ ඥාති නිවසකට වින දෝෂයක් බලපා ඇති බවට අසල්වැසියන් අතර කතාවක් පැතිරී තිබුණි. එහෙත්, ඒ වින දෝෂය ඉවත් කරලීම පිණිස වන බලි, තොවිල්, ශාන්තිකර්ම සඳහා රුපියල් පන්දහසක් (අද කාලයේ නම් රුපියල් ලක්ෂ දහයක් පමණ) වැය වන බව දැන ගැනීමත් සමඟ එම පවුලේ සාමාජිකයන් සේම අපි ද බලවත් සේ දුර්මුඛ වීමු. ඊට හේතුව එම ඥාතීන් එතරම් ඇති හැකි මට්ටමක පසු නොවීම ය. පසුව අපගේ තවත් ඥාතියකු විසින් වින දෝෂය පහ කළ හැකි මලයාලම් පොල්ගෙඩි ගුරුකමක් දන්නා අයකු රුපියල් තුන්සියයක් වැනි මුදලකට සොයා දීම එම පවුලට සේම අපට ද ඉමහත් සහනයක් විය.
නිවසේ සාලය මැද සකසා ගත් මල් බුලත් පුටුවක් මත පොල් ගෙඩියක් තබා ගත් ඇදුරා, වරින් වර ඊට සුවඳ දුම් අල්ලමින් පුරා හෝරා දෙක තුනක් තිස්සේ අපට අණ්ඩර දෙමළ බඳු මන්තර ජප කරන්නට වූ අතර, එය නිමාවේ ඔහු එහි රැස්ව සිටි පිරිස අමතන්නට විය. “දැන් මේ ගෙදරටත්, මේ ගෙදර ඉන්න සේරම නර පණුවන්ටත් මේ දක්වා වැදිලා තියෙන අන වින, හදි හූනියම් ඇතුළු සේරම වස් දොස් මේ පොල් ගෙඩිය ඇතුළට අරන් තියෙන්නේ. ඒකේ සත්‍ය බලන්න මම දැන් මේ ගෙදර උළුවස්ස යට ඉඳලා මේ පොල් ගෙඩිය හොලවනවා. මේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා නම් මේ පොල් ගෙඩියේ වතුර හඬනවත් එක්කම මේ අහල පහළ ඉන්න කුකුළෝ ඔක්කොම අඬලන්න ඕනේ. කුකුළෝ එහෙම අඬලන්නේ දැන් මේ වටපිටාවම සුද්ද වෙලා තියෙන නිසයි.” ඔහු කීවේ එම යක්කු ගස් නගින යාමයේ කුකුළන් හැඬලීමක් ගැන පැවසීම අපට විහිළුවක් සේ හැඟෙන අතරේ ය.
ඒ අනුව එම මලයාලම් පොල්ගෙඩි ගුරුකම දන්නා ඇදුරා එම නිවසට පැමිණි රාත්‍රියේ, එම පවුලේ ඥාති මිත්‍රාදීන් විස්සක් තිහක් ද එහි එක්රොක් වූ අතර අප වැනි කොලු කුරුට්ටෝ හත් අට දෙනෙක් ද ඒ පිරිසට අයත් වූහ.
නිවසේ සාලය මැද සකසා ගත් මල් බුලත් පුටුවක් මත පොල් ගෙඩියක් තබා ගත් ඇදුරා, වරින් වර ඊට සුවඳ දුම් අල්ලමින් පුරා හෝරා දෙක තුනක් තිස්සේ අපට අණ්ඩර දෙමළ බඳු මන්තර ජප කරන්නට වූ අතර, එය නිමාවේ ඔහු එහි රැස්ව සිටි පිරිස අමතන්නට විය. “දැන් මේ ගෙදරටත්, මේ ගෙදර ඉන්න සේරම නර පණුවන්ටත් මේ දක්වා වැදිලා තියෙන අන වින, හදි හූනියම් ඇතුළු සේරම වස් දොස් මේ පොල් ගෙඩිය ඇතුළට අරන් තියෙන්නේ. ඒකේ සත්‍ය බලන්න මම දැන් මේ ගෙදර උළුවස්ස යට ඉඳලා මේ පොල් ගෙඩිය හොලවනවා. මේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා නම් මේ පොල් ගෙඩියේ වතුර හඬනවත් එක්කම මේ අහල පහළ ඉන්න කුකුළෝ ඔක්කොම අඬලන්න ඕනේ. කුකුළෝ එහෙම අඬලන්නේ දැන් මේ වටපිටාවම සුද්ද වෙලා තියෙන නිසයි.” ඔහු කීවේ එම යක්කු ගස් නගින යාමයේ කුකුළන් හැඬලීමක් ගැන පැවසීම අපට විහිළුවක් සේ හැඟෙන අතරේ ය.

“ඔන්න එහෙනම් හැමෝම හොඳට වටපිටාවට කන් දෙන්න.” සැමට ඇසෙන සේ හඬ නඟා පැවසූ ඔහු එම නිවසේ ප්‍රධාන උළුවස්ස යටට ගොස් ආලින්දය දෙස බලා ගත්වනම එම පොල් ගෙඩිය දෝතින්ම නළල සමීපයට ගෙන එය සොලවන්නට විය. ඒ සමඟම අප ඇතුළු එහි සිටි සැමගේ ඇහිබැම ඉහළ නංවමින් එම නිවස අවටින් කුකුළන් කිහිප දෙනෙකු හඬලනු අපට ඉතා හොඳින් ඇසිණි.
එහෙත් ජීවිතයේ තුරුණු විය තෙක් එය මලයාලම් ගුරුකම් සතු හාස්කමක් සේ සිතුණු මට, දැන් නිකමටවත් එසේ සිතෙන්නේ නැත. ඒ එවැනි හාස්කමක් කළ හැකි කලාවක් පිළිබඳව මා පසුකාලීනව අසා දැනගත් බැවිනි.
ඉන්ද්‍රජාල කථනය (Ventrilocution) යනු බාහිරට ප්‍රදර්ශනය නොවන සේ තොල් සෙලවීමකින් තොරව කතා කිරීමේ හෝ ශබ්ද පිට කිරීමේ කලාවයි. ඒ අනුව එම ඇදුරා කුකුළු හැඬලීම් කිහිපයක් ඉදිරිපත් කළේ එම කලාව සම්බන්ධයෙන් ඔහු තුළ ද යම් පරිචයක් තිබූ නිසා විය හැක. අපට අවට වටපිටාවට කන් දෙන මෙන් ඔහු කළ ප්‍රකාශයට විශ්වාසයෙන් යුතුව කන් දුන් අපට ඔහුගේ මුවින් නිකුත් වූ කුකුළු හැඬලීම දුරින් ඇසෙන නාදයක් සේ ඇසුණි. සරලව “මුඛය නොසොල්වා කතා කිරීම” ලෙස ද පැවසිය හැකි මෙය ලොව පුරා පැතිර පවත්නා කලාවකි. මෙහිදී ශිල්පියා (Ventriloquist) තම උගුර භාවිත කරමින් ශබ්දය පාලනය කරයි. ඒ එම ශබ්දය පිටතින් ඇසෙන විට එය තමන්ගෙන් නොව වෙනත් ස්ථානයකින් හෝ රූපයකින් එන බවට ප්‍රේක්ෂකයාට හඟවමිනි. අත් රූකඩ හෝ අනුව්‍යාජ කෘතීන් (Puppet/Dummy) ඇසුරින් නරඹන්නවුන් පිනවන්නෝ මෙම ශිල්පීය ක්‍රමය අනුගමනය කරති. අත් රූකඩ/අත් මේස් රූකඩ (Hand Puppets / Glove Puppets) යනු ශිල්පියාගේ අත ඇතුළට දමා හසුරුවන සරල රූකඩ වර්ගයකි. ශිල්පියා සිය අත රූකඩය තුළට දමා, ඇඟිලි ආධාරයෙන් රූකඩයේ හිස, අත් සහ මුව චලනය කරයි. මේවාට බොහෝ විට පාද නොමැති අතර රූකඩයේ සිරුර රෙදිවලින් නිමවා ඇත. කුඩා දරුවන්ගේ අධ්‍යාපනික හා විනෝද කටයුතු, රූපවාහිනී වැඩසටහන් සහ හාස්‍යජනක කෙටි ඉදිරිපත් කිරීම් සඳහා මේවා වැඩිපුර යොදා ගැනේ.

ශිල්පියා තම අතේ ඇති රූකඩයේ කට සොලවන අතරතුර තමන්ගේ කට නොසොල්වා කතා කිරීම මගින් එම රූකඩය සැබවින්ම කතා කරන බවට විනෝදාත්මක මායාවක් මවයි. වර්තමානයේ මෙය ප්‍රධාන වශයෙන් හාස්‍යජනක ප්‍රසංග සහ වේදිකා නාට්‍ය සඳහා භාවිත වේ.
එමෙන්ම මෙම ඉන්ද්‍රජාල කථනය හෙවත් කට සොලවන්නේ නැතිව කතා කිරීම පුහුණු විය හැකි කලාවකි. ඒ සඳහා පියවරෙන් පියවර නිරන්තර අභ්‍යාසය ඉතා වැදගත් වේ. මෙහි මූලික පියවර තොල් පාලනය යි. එය තනිවම වුව පුහුණු විය හැක්කක් වන අතර අවශ්‍ය නම් අන්තර්ජාලයේ යූටියුබ් (YouTube) වෙබ් අඩවි ද ඒ සඳහා උපකාර කර ගත හැක.
කැඩපතක් ඉදිරියේ පුහුණු වීම ඒ සඳහා වන වඩාත් සාර්ථක ක්රමයකි. දත් මඳක් ස්පර්ශ වන සේ තබාගෙන, තොල් මඳක් විවෘත කර (සිනාසෙන ඉරියව්වෙන්) අකුරු පැවසීමට උත්සාහ කිරීම මෙම කලාව ප්‍රගුණ කිරීමේ ආරම්භක පියවර වේ. ඒ සමඟම තොල් අතර පැන්සලක් වැනි යමක් තබාගෙන එය වැටෙන්නට නොදී වචන උච්චාරණය කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ තොල් සෙලවෙනවාද යන්න ඔබට මනාව වටහා ගත හැකි වනු ඇත. එමෙන්ම සෑම අකුරක්ම මුව වසාගෙන උච්චාරණය කළ නොහැක. එවන් උච්චාරණය කිරීමට අසීරු අකුරු සඳහා විකල්ප (The Ventriloquist Alphabet) යෙදීමට ද මෙහිදී සිදුවනු ඇත.

විශේෂයෙන් B, P, M, V, F වැනි අකුරු තොල් විවර නොකර උච්චාරණය කිරීම අපහසු ය. එබැවින් ඒ සඳහා සූක්ෂ්ම ක්‍රම භාවිතා කළ යුතුය. B වෙනුවට D හෝ “ගෙහ්” (Geh) ශබ්දය (උදා: Boy -> Doy), P වෙනුවට T හෝ “ක්ල්” (Kl) ශබ්දය, M වෙනුවට N හෝ “න්හ්” (Nh) ශබ්දය, F සහ V වෙනුවට Th ශබ්දය යෙදීම මේ සඳහා වන නිදසුන් කිහිපයකි. නමුත් මෙම ආදේශක අකුරු වේගයෙන් පවසන විට සහ රූකඩයේ මුව චලනයන් සමඟ මුසු වූ විට, ප්‍රේක්ෂකයාට එය නිවැරදි වචනය ලෙසම ඇසේ. ඒ සැමගේ මනස් තුළ ඒ උච්චාරණයන් ගබඩා වී ඇති බැවිනි. මෙහිදී සාමාන්‍ය කටහඬට වඩා වෙනස්, රූකඩයට ගැලපෙන හඬක් තෝරා ගැනීම ද කළ යුතු ය. රූකඩය කුඩා නම් උස් හඬක් (High Pitch) භාවිතා කිරීම වඩාත් සාර්ථක වන අතර, රූකඩය සඳහා නාසික හඬක් (Nasal Voice) භාවිතා කිරීමෙන් ඔබේ සාමාන්‍ය හඬ සහ රූකඩයේ හඬ අතර පැහැදිලි වෙනසක් ඇති කළ හැකි වනු ඇත.

එමෙන්ම මෙම ඉන්ද්‍රජාල කථනය රසිකයා හමුවට ගෙන යනුයේ රූකඩය වන අතර, රූකඩයේ “ජීවමාන” බව පෙන්වීම මෙහි සාර්ථකත්වය හා සම්බන්ධ ප්‍රධානතම රහසයි. එමෙන්ම ඇස් සම්බන්ධතාවය ද මෙහිදී ඉතා වැදගත් වන අතර, රූකඩය කතා කරන විට ඔබ ද මහත් ඕනෑකමින් සහ කුතුහලයෙන් රූකඩය දෙස බලා සිටීමෙන් ප්‍රේක්ෂකයාගේ අවධානයත් රූකඩය වෙතම යොමු වේ. ඒ අතරේ ඉන්ද්‍රජාල කථනය මඟින් ඔබ පවසන සෑම මාත්රාවකටම (Syllable) ගැලපෙන සේ රූකඩයේ කට විවෘත කරන විට ඔබ ද එය මුල් වරට අසන ලෙසින් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් වේ. ඒ සඳහා පළමුව ඉන්ද්‍රජාල කථනය තනිව පුහුණු විය යුතු අතර, දිනකට අවම වශයෙන් විනාඩි 15 ක් කැඩපතක් ඉදිරියේ අකුරු සහ වචන පුහුණු වන අතරේ එය දුරකථනයෙන් වීඩියෝ කර පසුව ඔබේ තොල් සෙලවෙනවාද යන්න පරීක්ෂා කර බැලිය හැකි ය.
එමෙන්ම මෙහිදී රූකඩයා ඉදිරිපත් කරන විකාර රූපී අංගචලන සහිත උපහාසාත්මක හා විකට ප්‍රකාශයන් හා ඔබ ඒවාට දක්වන ප්‍රතිචාර රසිකයා පිනවීමට හේතු වනු ඇත. නිදසුනක් ලෙස රූකඩයා එම ශිල්පියාට “මෝඩ කතා කියන්න එපා ඕයි” වැනි කතා කීමත් සමඟ ශිල්පියා ඉන් මෙල්ල වන බවක් පළ කිරීම රසිකයාට උපරිම විනෝදාශ්වාදයක් ලබා දීමට හේතු වේ. “ඇද්ද? අහගත්තා” යනුවෙන් රසිකයා ශිල්පියාට සිනාසෙනුයේ කලා රස විඳීමේ දී ඉවහල් කර ගන්නා අවිශ්වාසය තාවකාලිකව අත හැරීම (Suspension of Disbelief) නම් මූලධර්මය පදනම් කර ගනිමිනි.
ජෙෆ් ඩන්හැම් (Jeff Dunham) යනු ඇමරිකානු ඉන්ද්‍රජාල කථකයකු හා රූකඩ මඟින් විහිළු ඉදිරිපත් කරන ලෝක ප්‍රකට ප්‍රහසන ශිල්පියෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ තනිවම වේදිකාව මත සිටිමින්, විවිධ පෞරුෂයන් සහිත රූකඩ කිහිපයක් උපයෝගී කරගෙන ඔවුන් සමඟ සංවාදයේ යෙදෙන ආකාරයේ හාස්‍යජනක වැඩසටහන් (Stand-Up Comedy) ඉදිරිපත් කිරීම නිසාය. මෙම ක්ෂේත්රයේ විවිධ ක්‍රියාකාරකම්වලින් ඔහු වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන පහළොවත් තිහත් අතර මුදලක් උපයන බව වාර්තා වී තිබේ. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන හතර හමාරකටත් වැඩි මුදලකි. ඒ අනුව මෙම ඉන්ද්‍රජාල කථන සෙල්ලමත් නරකම නැතැයි ඔබට සිතෙනු නොඅනුමාන ය.

එහෙත් අප ප්‍රදේශයේ පොල්ගෙඩි ගුරුකම කළ ඇදුරා මෙතරම් ප්‍රබල කලා ශාස්ත්‍රයක් දැන සිටියේ කෙසේද? යන්න පිළිබඳ විමතියක් ඔබ තුළ ඇති වනු ඇත. එහෙත් එවැන්නක් ලොව ඇති බවක් නෑසූ ඇතැමුන් තුළ ද සහජයෙන්ම එවන් හැකියාවන් පිහිටා තිබිය හැක. විශේෂයෙන් අප රටේ බස් හෝල්ට් එකක් ගාණේ ඇති සාත්තර දේවාලවල සාත්තර කියන මෑණිවරුන් “ඔව් නම් ඔව් කියපන් දරුවා, නැත්නම් නෑ කියපන්” යනුවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ප්රතිවිමසීමක් කරන බව අපි දනිමු. එහෙත් අනුයාත බැහැරලීම (Process of Elimination) නම් වන ගණිතමය ක්‍රමය මඟින් තමන්ට දැනගැනීමට අවශ්‍ය කරුණ වෙත ළඟාවීමේ උපාය මාර්ගය තම කෘතීන් තුළින් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මැවූ ෂර්ලොක් හෝම්ස් නම් ලෝක ප්‍රකට කල්පිත රහස් පරීක්ෂකවරයා පවා අනුගමනය කොට තිබීම ඒ සම්බන්ධ අපූරු රහසකි.
තිලක් සේනාසිංහ (සිළුමිණ)