කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) සිට යාල්රාණි දුම්රිය මඟින් දුම්රිය කටයුතු ආරම්භ කළ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවයි.

සෑම දිනකම කන්කසන්තුරයෙන් උදෑසන 6.00 ට ගමන් අරඹන දුම්රිය, පෙරවරු 10.17 ට අනුරාධපුරයට ළඟා වෙයි.

අනුරාධපුරයෙන් නැවත පස්වරු 2.30 ට ගමන් ආරම්භ කරන දුම්රිය, පස්වරු 6.53 වන විට කන්සන්තුරයට ළඟාවීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්