කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහිත ගබඩාවක් වටලා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඔරුගොඩවත්ත ප්රදේශයේදීයි මෙම වැටලීම කර ඇත.
විවිධ වර්ගයේ ආහාර ද්‍රව්‍ය එළැඹෙන උත්සව සමයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවයි එහිදී අනාවරණය විය.
මේ වන විට අදාළ ගබඩාවට මුද්‍රා තබා ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.