ශ්‍රී ලංකාව මේ වන විට නැවත වරක් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන වෙඩි තැබීම්වල වර්ධනයකට මුහුණ දෙමින් සිටී. කොළඹ ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්ත ප්‍රදේශවල මෑත කාලයේ සිදුවූ භයානක සිදුවීම්, මේ අර්බුදයේ බරපතළකම තවදුරටත් අවධාරණය කරයි. ඒ අතරම, කුප්‍රකට පාතාල නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ වැනි පුද්ගලයන් ඉන්දුනීසියාවේ සිට පිටුවහල් කිරීම වැනි නීතිය බලාත්මක කිරීමේ ක්‍ෂේත්‍රයේ ප්‍රගතියක්ද දක්නට ලැබේ. එය අපරාධ කල්ලි කණ්ඩායම් අඩපණ කිරීමේ ප්‍රයත්න තීව්‍ර වන බවට සාක්ෂි සපයයි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ග තිබියදීත් ප්‍රචණ්ඩත්වය දිගින් දිගටම පැවතීම මගින් පෙන්නුම් කරන්නේ මේ තත්ත්වය ගැඹුරින් මුල් බැසගත් උග්‍ර ගැටලුවක් බවට පත් වී ඇති බවය.
2025 සැප්තැම්බර් 5 වන දින, ග්‍රෑන්ඩ්පාස්හි මහවත්ත ඔරලෝසු කණුව අසල මාරාන්තික වෙඩි තැබීමක් සිදු විය. එහිදී යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් 26 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඇත. එම පුද්ගලයාට කිසිදු අපරාධ වාර්තාවක් නොතිබූ බව ද වාර්තා වේ.
මෙම සිදුවීම් මගින්, ඉලක්කගත, යතුරුපැදි මත සිදු කරන ප්‍රහාර වැනි, ප්‍රචණ්ඩ නාගරික අපරාධ කලාපවල දක්නට ලැබෙන රටා සිහිගන්වමින්, සංවිධානාත්මක අපරාධ කල්ලි ආශ්‍රිත වෙඩි තැබීම් කිසිදු බියකින් තොරව සිදු කරන ආකාරය පෙන්නුම් කරයි.
ඊට පසු දින, සැප්තැම්බර් 6 වන දින, පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලික බැංකුවක් ඉදිරිපිටදී 44 හැවිරිදි සෙන්දිල් මෝහන් යන පුද්ගලයා, ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකින් එල්ල වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබීය. ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. මෙම සිදුවීම් මගින්, ඉලක්කගත, යතුරුපැදි මත සිදු කරන ප්‍රහාර වැනි, ප්‍රචණ්ඩ නාගරික අපරාධ කලාපවල දක්නට ලැබෙන රටා සිහිගන්වමින්, සංවිධානාත්මක අපරාධ කල්ලි ආශ්‍රිත වෙඩි තැබීම් කිසිදු බියකින් තොරව සිදු කරන ආකාරය පෙන්නුම් කරයි.
2025 සැප්තැම්බර් මාසය සඳහා තවමත් සම්පූර්ණ, විශ්වසනීය තොරතුරු ලැබී නොමැති වුවද, නවතම සංඛ්‍යා දත්ත අගෝස්තු මස අග දක්වා සොයා ගැනීමේ හැකියාව තිබේ. අගෝස්තු මැද වන විට, සමස්ත වශයෙන් වූ වෙඩි තැබීම් සිදුවීම් 82ක් පමණ වාර්තා වී ඇති අතර, ඒවායින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම්වලට සම්බන්ධ වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 44ක් සහ තුවාල 48ක් සිදුවී තිබේ. අගෝස්තු 25 වන විට, මුළු වෙඩි තැබීම් සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇති අතර, 67ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධ වී ඇති බවත්, මරණ 47ක් සහ තුවාල 50ක් සිදුවී ඇති බවත් වාර්තා වේ.
ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු ඉදිරි ගමනක් ලෙස, ඉන්දුනීසියානු පොලීසිය, ශ්‍රී ලංකා නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ ජාත්‍යන්තර පොලීසිය (Interpol) සම්බන්ධ ඒකාබද්ධ මෙහෙයුමකින් 2025 අගෝස්තු මස අගදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රබල මැර චරිත පස් දෙනෙකු ජකර්තාහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබිණි. මන්දිනු පද්මසිරි පෙරේරා ලෙසද හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ, කොළඹ අධිකරණ ශාලාවකදී සිදුකළ ඝාතනයක් ඇතුළුව තවත් ඝාතන හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ කිහිපයක් මෙහෙයවීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකි. මෙම මෙහෙයුම මගින් පද්මේ සහ ඔහුගේ සගයන් වන “කොමාන්ඩෝ සලින්ත”, “බැකෝ සමන්”, “පානදුරේ නිලංග” සහ “තැඹිලි ළහිරු” ද ඉන්දුනීසියාවෙන් පිටුවහල් කරන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ක්‍රියාව හඳුන්වමින් ඉන්දුනීසියානු බලධාරීන්ට ඔවුන්ගේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ස්තුතිය පළ කළේය.
සැකකරුවන් රැගත් ගුවන් යානය දැඩි ආරක්ෂාවක් යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී එතැනට මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් ද පැමිණ සිටියහ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම ක්‍රියාව හඳුන්වමින් ඉන්දුනීසියානු බලධාරීන්ට ඔවුන්ගේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ස්තුතිය පළ කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී, පද්මේ විසින් ක්‍රියාත්මක කරන ලද බව කියන නුවරඑළියේ පිහිටි ‘අයිස්’ මත්ද්‍රව්‍ය (මෙතම්ෆෙටමින්) නිෂ්පාදනාගාරයක් පිළිබඳ තොරතුරු ද හෙළි විය. වාර්තාවලට අනුව, මෙම ස්ථානයේ රුපියල් මිලියන 4ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තිබී ඇති අතර, ආනයනය කර බහාලුම්වල සඟවා තිබූ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,000ක් පමණ විය හැකි බවට ගණන් බලා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න අවධාරණය කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, අබුඩාබි සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වන බවයි. එම නිසා ජාත්‍යන්තර සහයෝගීතාවය අත්‍යවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.
අපරාධ විශ්ලේෂකයින් අවධාරණය කරන්නේ පද්මේ වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය වුවද, ඒවා දූෂණය, දේශපාලන සම්බන්ධතා සහ සමාජ-ආර්ථික සාධක දක්වා විහිදී යන බැවින් ඒ සම්බන්ධව වැඩකටයුතු කිරීමේදී උපායශීලී ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවය.
ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ කල්ලිවල ප්‍රචණ්ඩත්වය චිකාගෝ වැනි නාගරික අපරාධ අර්බුදවලට සමානකම් දක්වයි. එහි නිතර සිදුවන වෙඩි තැබීම්, ගැටුම් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් චිකාගෝ කල්ලි රටාවන් පිළිබිඹු කරයි. එහෙත් දේශපාලන මැදිහත්වීම්, අධිකරණ ප්‍රමාදයන් සහ දුර්වල ආයතනික අධීක්ෂණය වැනි ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ ගැටලු, මෙම අභියෝග තවදුරටත් ගැඹුරු කරයි.
විශේෂඥයින් යෝජනා කරන්නේ, මේ ගැටලු විසඳා ගැනීම සහ ආරක්ෂක ක්‍රමවේද පුළුල් කිරීම සඳහා ප්‍රජා පොලිස් සේවය, කඩිනම් නඩු පැවරීම සහ වගවීම සහතික කිරීම සඳහා අධිකරණ ප්‍රතිසංස්කරණ සහ අවදානම් සහිත පුද්ගලයන් අපරාධ මාර්ගවලින් ඉවත් කිරීම සඳහා සමාජ සංවර්ධන වැඩසටහන් ඇතුළත් විය යුතු බවයි.
ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. එය ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්න, ප්‍රජා සහභාගීත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සමඟ ඒකාබද්ධ විය යුතුය. එවැනි පුළුල් උපායමාර්ග ක්‍රියාත්මක කරන තුරු, ශ්‍රී ලංකාවට කල්ලි ප්‍රචණ්ඩත්වය පාලනයකින් තොරව උග්‍රවන තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබේ.
පූර්ව ක්‍රියාකාරී පියවර අත්අඩංගුවට ගැනීම්වලින් ඔබ්බට නොයන්නේ නම්, සිදුවන්නේ මෑත කාලීන වෙඩි තැබීම් තවදුරටත් උග්‍රවීමක්වීමක් පමණි. විශේෂයෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය දිගටම පැවතිය හැකිය. කෙසේ වෙතත්, පද්මේ සාර්ථකව ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීම, බලධාරීන් විදේශගත අනෙකුත් අපරාධකරුවන් ලුහුබැඳීමට දිරිමත් කළ හැකි අතර, ජාත්‍යන්තර අපරාධවලට එරෙහි සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකිය. මෙම තත්ත්වය හමුවේ ප්‍රධාන කලාපවල දැඩි අධීක්ෂණයක් සහ මතුවන තීරණාත්මක අවස්ථාවන් සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ කාර්ය සාධක බලකායන් අපේක්ෂා කළ හැකි අතර, නිදන්ගත ප්‍රචණ්ඩත්වයෙන් අස්ථාවර වූ අසල්වැසි ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් කැඳවනු ලැබිය හැකිය.
ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්ත සිට පුළුල් ජාතික ප්‍රවණතා දක්වා, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වෙඩි තැබීම්වල මෑත කාලීන වර්ධනය, ප්‍රචණ්ඩත්වයේ බරපතළ හා වර්ධනය වන රටාවක් අවධාරණය කරයි. අනෙක් අතට කෙහෙල්බද්දර පද්මේ වැනි පුද්ගලයන් ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට හැකිවීම ඉහළ පෙළේ සාර්ථකත්වයක් සනිටුහන් කරයි. කෙසේ වෙතත්, ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. එය ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්න, ප්‍රජා සහභාගීත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සමඟ ඒකාබද්ධ විය යුතුය. එවැනි පුළුල් උපායමාර්ග ක්‍රියාත්මක කරන තුරු, ශ්‍රී ලංකාවට කල්ලි ප්‍රචණ්ඩත්වය පාලනයකින් තොරව උග්‍රවන තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක