ගල්ගමුව,අඹන්පොල,මහව අලි මිනිස් ගැටුම මට පෙනෙන හැටි – ආර්.එම්.ජේ බණ්ඩාර වන අලින් සම්බන්ධ පර්යේෂණාතමක දැනුමක් සහිත පරිසරවේදියෙකු හා වන ජීවී ඡායාරූප ශිල්පියෙකි

මේ දිනවල අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාව වන අලි ගැටලුව නිසා පීඩාවට පත්වී සිටින බව රහසක් නොවෙයි. වෙනත් අවුරුදු වල මේ තරමින් වන අලි ගැටලුවක් නොතිබූ බව එම ගම්මානවල ජීවත් වන ජනතාව සමග කතාබස් කිරීමේ දී අවබෝධ වන කරුණක්. එසේ නම් මේ වසරේ මේ තරමින් වන අලි ගැටලුව උස්සන්න වූයේ ඇයි? ඒ පිළිබඳ සොයා බලා මෙම වන අලි ගැටලුව ඇතිවීමට හේතු වූ හේතු සාධක වලට තිරසාර පිළියම් යෙදිය යුතුව තිබියදී. විදුලි වැටවල් නිර්මාණය කිරීම, වන අලි පලවා හැරීම, ගම්මාන මට්ටමින් වන ජීවී කාර්යාල නිර්මාණය කිරීම ආදිය මේ වන විට උත්සන්න වී ඇති ගැටලුවට සාර්ථක පිළියම් නොවන බව වගකිවයුත්තන් තේරුම් ගත යුතුයි.

වියලි කාලේ වන අලි රැඳී සිටි වැව් ඉස්මතු , කලා වැව, බළලුවැව, හක්වටුනාව, උස්ගල සියඹලංගමුව, මහගල්ගමුව, මහ සියඹලංගමුව, ඉගිණිමිටිය, පාලුකඩවල වැනි වැව් වෙත වන අලි ගමන් ගත් මාර්ග අවහිරවීම, එම වැව් ඉස්මතු ඉස්මතු වල මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින්ට එම වැව් ඉස්මතු අහිමි වීම, මෙන්ම කලාබළලු වැව සිට කහල්ල පල්ලෙකැලේ භූමිය හරහා උස්ගල සියඹලංගමුව දක්වා නිර්මාණය වූ අලි ගමන් මාර්ගයේ තැනින් තැන එළිපෙහෙළි කිරීම් සහ වගා කටයුතු වලට මිනිසුන් යොමුවීම ඒ අතරින් ඉඟිණිමිටිය ජලාශයට යාව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන ගිය තේක්ක වත්ත නම් තේක්ක වගා බිම රටේ තව අවශ්‍යතාවය වෙනුවෙන් කපා ඉවත් කිරීම මීට හේතු වී තිබෙනවා.

ඒ වගේම මේ ප්‍රදේශවල සේවය කරන සීමිත වන ජිවි නිලධාරින්ට දරා ගත නොහැකි තරමේ රාජකාරීමය ගැටලු ප්‍රශ්න රැසක් නිර්මාණය වෙමින් තිබෙනවා.ඒ වගේම ඔවුන් ඉතා අවාසනාවන්ත ලෙස ප්‍රදේශවාසීන් ගේ ද්වේෂයට හා අප්‍රසාදයට පත් වෙමින් සිටිනවා.මේක තවත් අතිරේක ගැටළු රැසකට මුල පුරන්නක් මේ වන විට ගල්ගමුව, අඹන්පොළ, ඇහැටුවැව,ගිරිබාව පොල්පිගම,මහව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන වල ආසන්න වශයෙන් වන අලි හාරසියයකට වැඩි පිරිසක් රැඳී සිටිනවා. මොවුන්ගෙන් සැලකිය යුතු වන අලි ඇතුන් ප්‍රමාණයක් වෙනත් ප්‍රදේශ වලින් ඔවුන්ගේ නවාතැන් අහිමිවීමත් සමඟ මේ ප්‍රදේශවලට සංක්‍රමණය වූ අලි ඇතුන්.වෙනත් අවුරුදු වල වියලි කාලේ වන අලි රැඳී සිටි වැව් ඉස්මතු , කලා වැව, බළලුවැව, හක්වටුනාව, උස්ගල සියඹලංගමුව, මහගල්ගමුව, මහ සියඹලංගමුව, ඉගිණිමිටිය, පාලුකඩවල වැනි වැව් වෙත වන අලි ගමන් ගත් මාර්ග අවහිරවීම, එම වැව් ඉස්මතු ඉස්මතු වල මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින්ට එම වැව් ඉස්මතු අහිමි වීම, මෙන්ම කලාබළලු වැව සිට කහල්ල පල්ලෙකැලේ භූමිය හරහා උස්ගල සියඹලංගමුව දක්වා නිර්මාණය වූ අලි ගමන් මාර්ගයේ තැනින් තැන එළිපෙහෙළි කිරීම් සහ වගා කටයුතු වලට මිනිසුන් යොමුවීම ඒ අතරින් ඉඟිණිමිටිය ජලාශයට යාව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන ගිය තේක්ක වත්ත නම් තේක්ක වගා බිම රටේ තව අවශ්‍යතාවය වෙනුවෙන් කපා ඉවත් කිරීම මීට හේතු වී තිබෙනවා.

ආර්.එම්.ජේ බණ්ඩාර වන අලින් සම්බන්ධ පර්යේෂණාතමක දැනුමක් සහිත පරිසරවේදියෙකු හා වන ජීවී ඡායාරූප ශිල්පියෙකි

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ තේක්ක වගාවලට අලින්ගෙන් සිදුවන හානිය හේතුවෙන් විකල්ප ශාකයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කායා නම් අප්‍රිකානු වගාවන් ආරම්භ කර තිබෙනවා. කායා වන වගා මෑතකාලයේ දී ස්ථාපිත කර ඇති කායා වන වගාව නිසා අලින් ගේ ආහාර විශාල වශයෙන් අහිමි වෙලා තිබෙනවා නමුත් එම දැව සඳහා ඒ තරම් ඉල්ලුමක් නැති බවත් කිව යුතුයි.

කායා ගසක්

තෙක්ක ඉවත් කිරීමෙන් පසු, නැවත කායා ශාඛය වගාකිරීම එම භූමිය තුළ වන අලි රැඳී නොසිට නිරන්තර ගම් වදීමට හේතුවක් බව තේක්කවත්ත ආශ්‍රිත ගම්මානවල ජනතාව සඳහන් කරනවා. ඉස්සර මේ අලි තේක්ක ගස්වල ගස්වල පොතු ගලව ගලව කෑවා. ගම්වලට ආවෙ කුඹුරු කැපුණට පස්සේ.ඒත් කීපදෙනෙක්. දැන් අලි එකෙක්වත් ඇතුලෙ ඉන්නෙ නෑ. හැන්දෑ වෙනකොට ගමට එනවා”. ඒ විදිහට තමයි ඒ ගම්වල මිනිස්සු අපිට කිව්වේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ තේක්ක වගාවලට අලින්ගෙන් සිදුවන හානිය හේතුවෙන් විකල්ප ශාකයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කායා නම් අප්‍රිකානු වගාවන් ආරම්භ කර තිබෙනවා. කායා වන වගා මෑතකාලයේ දී ස්ථාපිත කර ඇති කායා වන වගාව නිසා අලින් ගේ ආහාර විශාල වශයෙන් අහිමි වෙලා තිබෙනවා නමුත් එම දැව සඳහා ඒ තරම් ඉල්ලුමක් නැති බවත් කිව යුතුයි.

යල මහා කන්න දෙකට අමතරව කුඹුරු වල අස්වනු නෙලලා වී ගෙට ගත්ත ගමන් වන අලින් ගේ ගොදුරු බිම් බවට පත් වුණු කුඹුරු වලට ගිනි තියලා මුං වගා කරන්න කියලා උපදෙස් දීපු රජයේ නිලධාරීන් මේ සිදුවන ජීවිත හානිවලට වග කියන්නන ඕනෑ. පහුගිය කාලෙ වෙච්ච කාබනික පොහොර මගඩියෙන් කබලෙන් ලිපට වැටිච්ච අහිංසක ගොවියන්ගේ අත මිට සරු කරන්න කියලා තමයි අස්වනු නෙළලා වී ගෙට ගත්ත ගමන් කුඹුරු වල මුං වගාවට ගොවියෝ යොමු කළේ. ඒකෙන් වුණේ කුඹුරු කොවිතැන් වැඩ ඉවර වෙනකල් පුංචි පුංචි වන රොදවල් වලට කොටු වෙලා හිටිය අලි ඉපනැල්ල කන්න වෙල්යායට බහිනකොට කන්න දෙයක් නැති වෙච්ච එක. එයින් මෙච්චර කල් තිබ්බ අලි මිනිස් සහජීවනය බිඳ වැටුණා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අලිමංකඩවල් හරස් කරගෙන අලි වැටවල් ගහලා අගල් කපලා වගා කරනවා. ඒ අලි වැටවල් ළඟට අලි කිට්ටු වෙන්නේ නෑ. සමහර තැන්වලින් ඔවුන්ට වෙඩි තියෙනවා. කුපිත වෙලා ගම්මාන වලට එන වන අලි අහිංසක මිනිස් ජීවිත බිළිගන්නවා.

බලධාරීන්ට නිලධාරීන්ට දැන්වත් ඇස් ඇරෙයිද? බලධාරීන්ට මේ කරුණු අවබෝධ වෙන්න, තව අලි ඇත්තු කීයක් මැරෙන්න ඕනද? මිනිස්සු කීයක් මැරෙන්න ඕනද?

තව තවත් රජයේ ඉඩම් ව්‍යාපාරික සමාගම්වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බදු දෙනවා.රජවරු පන්සල් වලට පූජා කෙරුවා කියන නින්දගම් ඉඩම් හාමුදුරුවරුන් කම්පැනි කාරයන්ට බදු දෙනවා. තවත් ටික කාලයක් යනකොට දවස ගානේ මිනිස්සු මැරෙයි අලි ගහලා. අලි ඇත්තුත් මැරෙයි අනවසර විදුලි රැහැන් වලට අහු වෙලා වෙඩි කාලා.ඒ හින්දා දැන්වත් හරි තැනින් පටන් අරන් මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතිවෙලා තියෙන අලි මිනිස් ගැටුම අවම කරන්න කටයුතු කරන්න ඕනෑ. නමුත් එහෙම වෙන පාටක් පේන තෙක් මානෙක නෑ. අලුතින් විවෘත කරනවා කිව්වා අලි කොරිඩෝ ලිස්ට් එකේ මෙච්චර අලි මිනිස් ගැටුමක් තියෙන දැනට දෙපැත්තෙන්ම විදුලි වැටවල් ගහලා තියෙන නමට අලි කොරිඩෝවක් වෙච්ච උස්ගල සියඹලංගමුවේ ඉඳන් කහල්ල පල්ලෙ කැලේ දක්වා තියෙන අලි කොරිඩෝ එකවත් නෑ.බලධාරීන්ට නිලධාරීන්ට දැන්වත් ඇස් ඇරෙයිද? බලධාරීන්ට මේ කරුණු අවබෝධ වෙන්න, තව අලි ඇත්තු කීයක් මැරෙන්න ඕනද? මිනිස්සු කීයක් මැරෙන්න ඕනද?

ආර්.එම්.ජේ බණ්ඩාර

සතුන්ටත් හිමි අපේ ලෝකය