ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවයි

රජයේ පරිපාලන නිලධාරින් විසින් කෙටුම්පත් කරන ලද ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව ජුනි 01 වැනිදා සිට බලාත්මක කරන්නේ නම් ඊට එරෙහිව එදින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන බවට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු අඟවයි.

එම සන්ධානය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ බරපතළ අඩුපාඩු සහිතව සකස්කර රහසිගතව ගැසට් කරනු ලැබූ ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරි හා පරිපාලන ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්වල විරෝධය හේතුවෙන් දැනට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර ඇති බවය.

කාලීන පුවත්