කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජනවාරි මාසයේ උද්ධමනය සියයට 2.3 ක් දක්වා වැඩි වී ඇත.කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 ක් ලෙස වාර්තා වී තිබේ. 2026 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.3 ක් දක්වා වැඩි වී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ සියයට 3.0 ක් ලෙසයි.
එසේම 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.8 ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය සියයට 1.8 ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.