මෙයට ටික දිනකට පෙර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ආරම්භ වූ ට්‍රම්ප් විරෝධී විරෝධතා රැල්ල ජාත්‍යන්තර සිදුවීම් අතර විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මෙම විරෝධතා පැවැත්වුණේ ඇමරිකාවේ ආගමන සහ රේගු බලකාය එම ප්‍රදේශයේ රැඳී සිටින අනවසර සංක්‍රමණිකයන් සොයා යමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට එරෙහිව ය. මෙවැනි සංක්‍රමණිකයන් අල්ලාගෙන ඔවුන් නැවත ඔවුන්ගේ මව්රටවල් වෙත පිටුවහල් කිරීම ට්‍රම්ප් ගේ ප්‍රධාන ප්‍රතිපත්තියකි.
විරෝධතා ආරම්භ වූයේ පසුගිය 06 වැනි සිකුරාදා යි. එදින ඉහත කී බලකායේ නිලධාරීන් ලොස් ඇන්ජලීස් හි ඇඳුම් ගබඩාවක සේවය කරමින් සිටි සංක්‍රමණිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ තවත් සංක්‍රමණිකයන් පිරිසක් ඒ අසළට රැස්ව විරෝධතා දැක්වීමට පටන්ගෙන තිබිණි. ඔවුන් ඉහත කී බලකායේ වාහන අවහිර කිරීමට ද පියවර ගෙන තිබූ බව පැවසිණි. කෙසේ හෝ වේවා, පසුව මෙම විරෝධතා වඩාත් උත්සන්න වෙමින් නගරයේ තවත් ප්‍රදේශ වෙත ද පැතිර යන්නට විය.
ඇතැම් තැන්වල මෙම විරෝධතා වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර වීදිවල වාහන ගිනි තබා ඇති ආකාරය ද දැකගන්නට ලැබිණි. ඇතැම් ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය. විරෝධතාකරුවන් වාහන නතර කර ඒවා මත නැගී සටන් පාඨ කියන ආකාරය ද මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබිණි.
මේ ආකාරයෙන් විරෝධතා පැවැත්වෙද්දීත් ආගමන සහ රේගු බලකායේ නිලධාරීන් තවදුරටත් සංක්‍රමණිකයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරත වූහ.
මාධ්‍ය වාර්තා කර තිබුණේ වෙළෙඳසැල්, පාසැල්, කුඩා ව්‍යාපාරික ස්ථාන ආදිය ඔවුන්ගේ ඉලක්ක බවට පත්ව තිබූ බව යි. මේ නිසා තත්වය වඩාත් නරක අතට හැරෙන්නට පටන් ගත්තේය.
“ලොස් ඇන්ජලීස් යනු සංක්‍රමණිකයන්ගේ නගරයක්. ඔවුන්ට නීත්‍යානුකූල බවක් ලබා ගැනීම සඳහා උදව් කරන නගරයක්. මේ නගරය එහි සිටින සියලු දෙනා එකසේ වැළඳ ගන්නවා. ඔවුන් මෙහි පැමිණියේ කවදාද , කොහි සිටද යන්න එහිදී අදාල නැහැ.” ඇය වරක් පවසා තිබිණි. කෙසේ හෝ වේවා, තත්වය උත්සන්න වෙද්දී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නට විය. විරෝධතාකරුවන් ගල්මුල්, බෝතල්, කොන්ක්‍රීට් කැබලි ආදියෙන් පොලිස් නිලධාරීන්ට පහර දී තිබිණි. පොලිසිය ද කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ශබ්ද බෝම්බ ආදියෙන් ප්‍රතිචාර දක්වනු දැකගන්නට ලැබිණි.
නිලධාරීන් වෙළෙඳසැල් ආදියේ සේවය කළ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම නිසා මෙම සේවකයන් සේවයට වාර්තා නොකරන තත්වයක් පවා ඇති වී තිබිණි. මේ නිසා වෙළෙඳසැල්වල රාක්ක හිස් වී ඇති බවත්, ඒවායේ වැඩකටයුතු අඩාළ වී ඇති බවත් ලොස් ඇන්ජලීස් හි නගරාධිපතිනිය වන කැරන් බේස් පවසා තිබුණාය. ලොස් ඇන්ජලීස් යනු සංක්‍රමණිකයන් විශාල වශයෙන් සේවය කරන ප්‍රදේශයකි. ඔවුන් මේ ආකාරයෙන් අත් අඩංගුවට ගැනීම එහි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන්නක් බව ද ඇය පෙන්වා දී තිබිණි.
නගරාධිපතිනිය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් වඩාත් මෘදු ආකල්පයක් දරන්නියකි.
“ලොස් ඇන්ජලීස් යනු සංක්‍රමණිකයන්ගේ නගරයක්. ඔවුන්ට නීත්‍යානුකූල බවක් ලබා ගැනීම සඳහා උදව් කරන නගරයක්. මේ නගරය එහි සිටින සියලු දෙනා එකසේ වැළඳ ගන්නවා. ඔවුන් මෙහි පැමිණියේ කවදාද , කොහි සිටද යන්න එහිදී අදාල නැහැ.” ඇය වරක් පවසා තිබිණි.
කෙසේ හෝ වේවා, තත්වය උත්සන්න වෙද්දී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නට විය. විරෝධතාකරුවන් ගල්මුල්, බෝතල්, කොන්ක්‍රීට් කැබලි ආදියෙන් පොලිස් නිලධාරීන්ට පහර දී තිබිණි. පොලිසිය ද කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ශබ්ද බෝම්බ ආදියෙන් ප්‍රතිචාර දක්වනු දැකගන්නට ලැබිණි.
විරෝධතාවලට මුවා වී ඇතැම්හු කොල්ලකෑම් වැනි නීති විරෝධී ක්‍රියාවල ද නිරත වූහ. ඇපල් පරිගණක වෙළෙසැලක්, අඩිඩාස් වෙළෙඳසැලක් ඇතුළු වෙළෙඳසැල් ගණනාවක් මෙම කොල්ලකරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබූ බැව් වාර්තා විය.
නගරයේ ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ද පනවනු ලැබිණි.
මෙම තත්වය තුළ ජනාධිපති ට්‍රම්ප් වඩාත් දැඩි පියවරක් ගනිමින් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක බලඇණියේ භටයන් සහ මැරීන් බලකායේ භටයන් යෙදවීමට කටයුතු කළේය. මෙය හමුදාව යෙදවීමක් හා සමාන ය. මෙම භටයන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් ලොස් ඇන්ජලීස් වෙත එවීමට ට්‍රම්ප් නියෝග කළේය.
ට්‍රම්ප් ගේ මෙම තීරණය තවත් ගැටුමකට මග පෑදුවේය. එම ගැටුම ඇති වූයේ ට්‍රම්ප් සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන ගැවින් නිව්සම් අතර යි. (ලොස් ඇන්ජලීස් නගරය අයත් වන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයට ය).
සාමාන්‍යයෙන් ප්‍රාන්තයකට ජාතික ආරක්ෂක බලඇණියේ භටයන් යෙදවිය හැක්කේ එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ගේ අනුදැනුම ඇතිව පමණි. නමුත් ට්‍රම්ප් එය කළේ නිව්සම් ගේ අනුදැනුමකින් තොරව තමා සතු විධායක බලය පාවිච්චි කරමිනි. මෙය ආණ්ඩුකාරවරයා කෝප ගැන්වීමට සමත් වූ බව පෙනිණි. ඔහු එය සැලකුවේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් ලෙසිනි. ආණ්ඩුකාරවරයකුගේ අනුදැනුමකින් තොරව ප්‍රාන්තයකට ජාතික ආරක්ෂක භටයන් යෙදවීමක් සිදුවූයේ වසර 60 කට පමණ පසු පළමු වතාවට බවක් ද සඳහන් විය.
ට්‍රම්ප් ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවට නිව්සම් මෙහි දී දැඩි ස්වරයෙන් චෝදනා කළේය. ට්‍රම්ප් ගේ ක්‍රියා පිලිවෙත ඒකාධිපති ජනාධිපතිවරයකුගේ විකෘති ෆැන්ටසියක් පිලිබිඹු කරන්නක් යයි ඔහු ප්‍රකාශ කළ අතර ට්‍රම්ප්ට එරෙහිව අධිකරණය හමුවට යාමට පවා ඔහු කටයුතු කළේය.
ට්‍රම්ප් ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවට නිව්සම් මෙහි දී දැඩි ස්වරයෙන් චෝදනා කළේය. ට්‍රම්ප් ගේ ක්‍රියා පිලිවෙත ඒකාධිපති ජනාධිපතිවරයකුගේ විකෘති ෆැන්ටසියක් පිලිබිඹු කරන්නක් යයි ඔහු ප්‍රකාශ කළ අතර ට්‍රම්ප්ට එරෙහිව අධිකරණය හමුවට යාමට පවා ඔහු කටයුතු කළේය.
නිව්සම් අයත් වන්නේ ට්‍රම්ප් අයත්වන රිපබ්ලිකන් පක්ෂයට නොව ඩිමොක්‍රටික් පක්ෂයට යි. මේ නිසා ඔවුන් හැඳින්විය හැක්කේ දේශපාලන ප්‍රතිවාදීන් ලෙසිනි. ඔවුන් අතර කාලයක සිටම යම් ආතතියක් පවතී. ට්‍රම්ප් නිව්සම් ගේ අනුදැනුමකින් තොරව ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයන් යෙදවීමට පියවර ගත්තේ මෙවැනි පසුබිමක් තුළ ය.
ගැවින් නිව්සම් 2028 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කීරීමට අදහස් කරගෙන සිටින බවක් ද සඳහන් වේ. ට්‍රම්ප් සහ නිව්සම් අතර ගැටුම උණුසුම් වෙද්දී නිව්සම් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව ගැන ද විවිධ අදහස් සංසරණය වනු දැකිය හැකි විය.
කෙසේ හෝ වේවා මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් ලොස් ඇන්ජලීස් හි තත්වය සාමාන්‍ය අතට හැරී තිබුණේ නැත.
සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම් මෙන්ම ඊට එරෙහි විරෝධතා ද තව දුරටත් ඉදිරියට යමින් තිබිණි.
මේ අතර ඇමරිකාවේ තවත් නගර කිහිපයක ද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා විය.
නිහාල් පීරිස්