ටිකට් නොදෙන කොන්දොස්තරලාට දින 3ක තහනමක්

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් 03 වැනිදා සිට මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවත් ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට හසුවන ​ෙපෟද්ගලික බස් කොන්දොස්තරවරුන්ට පළමු අදියර යටතේ දින තුනක සේවය අත්හිටුවීමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පවසනලදි.

මීට අමතරව එම කොන්දොස්තරවරුන්ගෙන් රුපියල් හත්සිය පනහක (750) ගාස්තුවක් අයකරගෙන විශේෂිත පාඨමාලාවකට යොමුකරන බවද සභාපතිවරයා පවසයි.

මේ අතර ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස් රථ වැටලීම් ආරම්භ කළ අතර පළමු දිනයේදී ප්‍රවේශපත්‍ර නොදුන් බස් 22කට එරෙහිව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවරගෙන තිබේ.

කාලීන පුවත්