ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසියම් දරුණු රෝගයකින් පෙළෙනවා ද?
පසුගිය දිනවල මෙවැනි සැකයක් මතු කරන පෝස්ටු විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනු දැකිය හැකි විය. එයට හේතු වී තිබුණේ ට්‍රම්ප් පෙනී සිටි සමහර ඡායාරූපවල දකින්නට ලැබුණු කාරණයකි. ජනාධිපතිවරයා ගේ පාදවල වළලුකර ආසන්නයේ ඉදිමී ඇති ආකාරයක් සහ ඔහුගේ අතක යම් තැල්මක් වැනි පැල්ලමක් මේ ඡායාරූපවල දැකගත හැකි විය.
පාද ඉදිමී ඇති ආකාරය දැක ගන්නට ලැබී තිබුණේ ට්‍රම්ප් ක්‍රීඩා තරගාවලියක අවසන් තරගය නරඹන්නට ගිය අවස්ථාවක ගත් ඡායාරූපවල ය. අත්වල පැල්ලම් දැකගන්නට ලැබී තිබුණේ ධවල මන්දිරයේ දී බහරේනයේ අගමැතිවරයා මුණ ගැසුණු අවස්ථාවක ගත් සේයා රූවල ය.
ට්‍රම්ප් ගේ වයස මේ වනවිට අවුරුදු 79 කි. ඉහත කී සැකසංකාවලට මේ කාරණය ද හේතු වන්නට ඇත. පසුගිය ජනවාරි මාසයේ ඔහු ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ ඔහු එරට ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් ද පිහිටුවූයේය. මෙයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ය.
කෙසේ හෝ වේවා, මෙම ඡායාරූප බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කරන්නට සමත් වී තිබිණි.
ට්‍රම්ප් ගේ වයස මේ වනවිට අවුරුදු 79 කි. ඉහත කී සැකසංකාවලට මේ කාරණය ද හේතු වන්නට ඇත. පසුගිය ජනවාරි මාසයේ ඔහු ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ ඔහු එරට ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් ද පිහිටුවූයේය. මෙයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ය.
කෙසේ හෝ වේවා, ට්‍රම්ප් ගේ කකුල් ඉදිමීම සහ අතේ පැල්ලම ගැන දැන් ධවල මන්දිරය පැහැදිලි කිරීමක් කර තිබේ. ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලීන් ලීවිට් මෙම පැහැදිලි කිරීම කර තිබුණේ ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා වන ෂෝන් බාර්බබෙලා ගේ වාර්තාවක් ද උපුටා දක්වමිනි.
වෛද්‍ය බාර්බබෙලා පෙන්වා දෙන අන්දමට ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌණතාව (Chronic Venous Insufficiency ) නැමැති රෝගී තත්වයකින් පෙළෙයි. මේ බව අනාවරණය වී තිබුණේ ඔහුගේ පාද සම්බන්ධයෙන් කරන ලද අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකදී ය.
වෛද්‍ය මතය අනුව මෙම රෝගී තත්වය ඇති වන්නේ කෙනෙකුගේ හදවතේ සිට පාදවලට ගමන් කරන රුධිරය නැවත හෘදය වස්තුව වෙත පැමිණීම අඩාල වූ විට ය. මිනිසුන් ගේ හෘදය වස්තුවේ සිට සිරුරේ විවිධ අවයව වෙත ගමන් කරන රුධිරය නිතරම ආපසු හෘදය වස්තුව කරා පැමිණෙයි. රුධිර සංසරණය සිදුවන්නේ මේ ආකාරයෙනි.
කෙනෙකුගේ පාදවලට ගමන් කරන රුධිරය නැවත හෘදය වස්තුවට පැමිණීම අඩාල වූ විට රුධිරය පාද ආශ්‍රිතව එක්රැස් වීමට පටන් ගනියි. ඉදිමීමක් ඇති වන්නේ එවිට යි.
පාදවල සිට හෘදය වස්තුව වෙත රුධිරය ගමන් කිරීමේ දී ගුරුත්වාකර්ෂණයට එරෙහිව ගමන් කිරීමට ද සිදු වේ. කෙනෙකු වයසට යාමේ දී මෙම ක්‍රියාවලිය වඩාත් දුෂ්කර වීමට පිලිවන. වෛද්‍ය බාර්බබෙලා සඳහන් කරන ආකාරයට ට්‍රම්ප් මුහුණ දී සිටින්නේ මෙම තත්වයට යි.
ට්‍රම්ප් ගේ අතක දක්නට ඇති තැල්මක් වැනි පැල්ලමක් සම්බන්ධයෙන් ද පසුගිය දිනවල අවධානය යොමු වී තිබිණි. ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කරන්නේ මෙය නිතර අතට අත දීම සහ ඇස්පිරින් භාවිතය නිසා පටකවලට හානි වීම හේතුවෙන් හටගත්තක් බව යි. ට්‍රම්ප් ඇස්පිරින් භාවිත කරන්නේ හෘදයාබාධ වලක්වා ගැනීමේ පියවරක් වශයෙන් බව ද ධවල මන්දිරය ප්‍රකාශ කර තිබිණි. ඇස්පිරින්වලින් රුධිරයේ තුනී බවක් ඇති කරන අතර රුධිර කැටි (Blood Clots) ඇති වීම ද වලක්වයි. බොහෝ විට හෘදයාබාධ ඇති වන්නේ ලේ නහරවල මෙම රුධිර කැටි සිරවීම නිසා ය.
නිතර ඇස්පිරින් භාවිත කරන විට රුධිරය තුනී වීම නිසා සමට යටින් ඇති කුඩා රුධිර නාලිකා ආදිය තුළින් කාන්දු වීමේ ඉඩක් තිබේ.
ට්‍රම්ප්ගේ මෙම රෝගී තත්වයන් හෙළි වීමත් සමග ඔහුව තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් කර තිබිණි. ඒ ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය, වකුගඩුවල තත්වය ආදිය පරීක්ෂා කිරීම සඳහා ය. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව වෛද්‍ය බාර්බබෙලා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා ගේ හෘදයේ හෝ වකුගඩුවල කිසිදු රෝගී තත්වයක් දක්නට නොමැති බව යි. වෙනත් කිසිදු බරපතල රෝගී තත්වයක් ඔහු තුළ නොමැති බව ද බාර්බබෙලා සඳහන් කර තිබිණි.
කෙසේ හෝ වේවා, ට්‍රම්ප් ගේ වෛද්‍යවරයා පවසන්නේ ඔහුගේ පාදවල රෝගී තත්වය මෙන්ම අතේ ඇතිව තිබෙන ගැටලුවද බරපතල නොවන බව යි. පාදවල හටගෙන ඇති තත්වය වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් තුළ සුළභව දකින්නට ඇති තත්වයක් බව ද සඳහන් වේ. සාමාන්‍යයෙන් එම වයස් කාණ්ඩයේ පුද්ගලයන්ගෙන් සියයට 30 ක් පමණ මෙම තත්වයෙන් පෙළෙන බව හෙළි වී ඇත. වැඩිපුර සිටගෙන සිටින පුද්ගලයන්, ශරීරයේ බර වැඩි ස්ථූල පුද්ගලයන් මෙම රෝගී තත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් තිබේ.
කෙසේ හෝ වේවා, ට්‍රම්ප්ගේ මෙම රෝගී තත්වයන් හෙළි වීමත් සමග ඔහුව තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් කර තිබිණි. ඒ ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය, වකුගඩුවල තත්වය ආදිය පරීක්ෂා කිරීම සඳහා ය. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව වෛද්‍ය බාර්බබෙලා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා ගේ හෘදයේ හෝ වකුගඩුවල කිසිදු රෝගී තත්වයක් දක්නට නොමැති බව යි. වෙනත් කිසිදු බරපතල රෝගී තත්වයක් ඔහු තුළ නොමැති බව ද බාර්බබෙලා සඳහන් කර තිබිණි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අතේ තැලුම් වැනි පැල්ලම්වලට එක් හේතුවක් වන්නේ නිතර අතට අත දීම බව ද කියැවිණි. මෙහි දී සිහියට නැගෙන අමතර කාරණයක් වන්නේ ට්‍රම්ප් අතට අත දීමට සාමාන්‍යයෙන් තරමක් පසුබට වන කෙනෙකු බව යි. එයට හේතුව ඔහු විෂබීජ සම්බන්ධයෙන් යම් භීතිකාවකින් පෙළෙන කෙනෙකු වීම ය. ( මෙම භීතිකාව ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ Germophobia යනුවෙනි.) තමා මෙවැනි භීතිකාවකින් පෙළෙන බව ට්‍රම්ප්ම පිළිගෙන තිබේ.
මේ නිසා ඔහු නිතර අත් සේදීමේ පුරුද්දකින් පෙළෙන බව ද සඳහන් වේ. අමුත්තන්ට අතට අත දීමෙන් පසු ද ඔහු හැමවිටම සැනිටයිසර් පාවිචිචි කරන බවක් වරක් මාධ්‍යවේදියකු ද අනාවරණය කර තිබිණි.
නිහාල් පීරිස්