සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්ෂාව සහතික කිරීමට උපායමාර්ගික මෙහෙයුම් ක්‍රියාත්මක වීමට ආරක්ෂක සයිබර් විධානය සමත් විය යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනලදි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක සයිබර් විධානය, AEGIS LEXICON – 2025 වැඩමුළුවට සම්බන්ධ වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කරනලදි.
2023 අගෝස්තු 3 වැනි දින පිහිටුවන ලද ආරක්ෂක සයිබර් විධානය එහි දෙවන සංවත්සරය සැමරීමට මේ වාර්ෂික උත්සවය සංවිධාන කර තිබුණි.
ප්‍රධාන දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ආරක්ෂක සයිබර් විධානය පූර්ණ සයිබර් බළකායක් බවට පරිණාමය වීමේ අවශ්‍යතාව අවධාරණය කරනලදි. අමාත්‍යාංශයේ පුළුල් ආරක්ෂක අරමුණු සමඟ අනුගත වෙමින් සයිබර් අවකාශයේ පුළුල් ජාතික ආරක්ෂාව සහතික කිරීමට උපායමාර්ගික මෙහෙයුම් ක්‍රියාත්මක වීමට ආරක්ෂක සයිබර් විධානය සමත් විය යුතු බවද පවසනලදි.