දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

vinivida

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු ලේනාටයි යැයි පුහුණු වන ගුරුවරිය සිසුන්ට කීවා. ඒ අතරින් එක් සිසුවියක් නැගිට “මැඩම්, ‘අනිල්’ කියලා මාමා කෙනෙක් ඉන්නවා අපේ ගමේ” යැයි කෑ ගැසුවා.

මේ අවස්ථාව ඔබට මඳ සිනාවක් ගෙන එන අවස්ථාවක් වගේ දැනෙන්න පුළුවන්. නමුත්, මෙම සිදුවීම දිහා උනන්දුවෙන් බැලුවොත් මේ අවස්ථාවේ තියෙන වැදගත්කම ඔබට පැහැදිලි වෙයි. ළමයා දන්නා දෙයින් නොදන්නා දේ ඉගෙන ගැනීමට පෙළඹෙනවා. පන්තියේ නැගී සිටි ළමයා දන්නේ ගමේ අනිල් මාමා යි. ඒ ඇසුරින් ඇය නොදන්නා දෙමළ වචනය ඉගෙන ගන්නවා. ළමුන්ට දැනටමත් ඇති මූලික දැනුම, අත්දැකීම්, හැකියාවන් ආශ්‍රයෙන් නව දැනුමක් හෝ හැකියාවක් ලබා ගැනීම ඔවුන්ගේ ස්වභාවයයි. දරුවා දන්නා සරල සංකල්පයකින් පටන්ගෙන, ඒවාට සම්බන්ධ නව සංකල්පයක් ඉගෙන ගන්නවා.

ඉගෙනුම වටින්නේ එය තවත් දේවල් ඉගෙන ගන්න මඟක් වේ නම් පමණයි. නිවසේ දී තම දරුවා සමඟ දෙමළ ක්‍රියාකාරකමක් සිදු කරන අවස්ථාවේදී මෙවැනි අවස්ථාවක් මුණ ගැසුණේ නම්, ඔබ හැසිරෙන්නේ කොහොමද? ඇතැම් විට ඔබට මඳ සිනහවක් ඇති වේවි. නැතිනම් මඳ තරහවක් ඇති වේවි. නමුත්, මේ අවස්ථාව මඳ සිනාවකින් හෝ මඳ තරහවකින් ගිල්වා ඉවත දැමිය නොහැකි දිදුලන මොහොතක්. තම දරුවාව මඳක් උත්තේජනය කළ හැකි අවස්ථාවක්. ළමයාගේ ළමා අවධියේ කායික, ප්‍රජානන, චිත්තවේගී පද්ධතීන් සංවර්ධනයට බලපාන බාහිර හා අභ්‍යන්තර පරිසරයේ වැඩි කොටසක් අයත් වන්නේ පවුල නමැති සන්දර්භයට. එයිනුත් මව නමැති සාධකය ප්‍රබලව බලපානවා.


ඉගෙනුම වටින්නේ එය තවත් දේවල් ඉගෙන ගන්න මඟක් වේ නම් පමණයි. නිවසේ දී තම දරුවා සමඟ දෙමළ ක්‍රියාකාරකමක් සිදු කරන අවස්ථාවේදී මෙවැනි අවස්ථාවක් මුණ ගැසුණේ නම්, ඔබ හැසිරෙන්නේ කොහොමද? ඇතැම් විට ඔබට මඳ සිනහවක් ඇති වේවි. නැතිනම් මඳ තරහවක් ඇති වේවි. නමුත්, මේ අවස්ථාව මඳ සිනාවකින් හෝ මඳ තරහවකින් ගිල්වා ඉවත දැමිය නොහැකි දිදුලන මොහොතක්. තම දරුවාව මඳක් උත්තේජනය කළ හැකි අවස්ථාවක්. ළමයාගේ ළමා අවධියේ කායික, ප්‍රජානන, චිත්තවේගී පද්ධතීන් සංවර්ධනයට බලපාන බාහිර හා අභ්‍යන්තර පරිසරයේ වැඩි කොටසක් අයත් වන්නේ පවුල නමැති සන්දර්භයට. එයිනුත් මව නමැති සාධකය ප්‍රබලව බලපානවා. මවගේ වයස, මවට ඇති රෝග, පෝෂණය, මවගේ යහපත් අයහපත් පුරුදු, මවට වැළඳී ඇති රෝග ආදිය ළමයෙකුගේ කායික හා මානසික වර්ධනයට ප්‍රබලව බලපානවා. ප්‍රංශ දාර්ශනිකයකු ලෙස ප්‍රකට රූසෝ පවසන ආකාරයට, ළමයා කුඩා මිනිසකු නොවේ. ඔහු දකින, සිතන, හැඟෙන, කරන ආකාරය වැඩිහිටියන්ට වඩා වෙනස්. ඒ නිසා මවක් විදිහට ඔබ, ඔබට අවශ්‍ය ආකෘතියට ඔබේ දරුවා ගැලපීම සෑම විටම නිවැරදි නැහැ. නිවස ආශ්‍රිත පරිසරයේ පවා තිබිය යුත්තේ දිරිගන්වන සුළු ඉගෙනුම් පරිසරයක්. ළමයාගේ ඉගෙනුම් පරිසරය යැයි මම කියන්නේ පොත පතින්, ගණිත වගු වලින්, පින්තූර පත්‍රිකා වලින් වට වී තිබෙන බිත්ති හෝ රාක්ක නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ භාවමය ක්‍රියාවලියක්. පුද්ගලයන් තුළ චර්යාත්මක වෙනසක් ඇති කරවන ක්‍රියාවලියක්. ඒ නිසා ළමුන් සමඟ කටයුතු කිරීමේ දී අපි වඩාත් සංවේදී වෙන්න ඕනා. විවිධ වයස්වල ළමයින් නිරායාසයෙන්ම ඇතිවන ළැදියාවට තුඩු දෙන දෑ ඇසූ කල, ඒ ඒ වයස්වල ළමයි හාත්පසින්ම වෙනස් පිළිතුරු සපයනවා. ඉතා ළාබාල ළමයෙක් සෑම පණ නැති වස්තුවකම ජීවයක් ඇතැයි සිතනවා. මේ කරුණු අපි ඉතා සියුම්ව අවබෝධ කරගෙන ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතුයි.

ළමා මනස පෝෂණය කිරීමත් දෙමාපියන් වෙත පැවරෙන විශේෂ වගකීමක්. ඒ සඳහා සාහිත්‍ය උපකාරී වෙනවා. ළමා පරපුර තුළ කියැවීමේ පුරුද්ද වර්ධනය කළ යුතුය යැයි අප නිතර කියනවා. කියැවීමේ දී දැනුම ලබා ගැනීම හා රසාස්වාදය යන අරමුණු දෙකම ස්පර්ශ වීම වඩා හොඳයි. එමඟින් ළමයින් තුළ බුද්ධිමත්ව පරිශීලනය හා රසවින්දනය වර්ධනය වෙනවා. ඔහු හෝ ඇය ඉහළ පංතිවලට ගිය විට පොතක පටුන, සූචිය වැනි අංග බලා සිය අවශ්‍යතා ඉටු කර ගන්නේ කෙසේද? යන්න ගැන ඉගෙන ගන්නවා. තොරතුරු ලබා ගැනීමට බල කරන පොත පත පමණක් කියවීමට ඔබ ඔබේ දරුවාව යොමු කළහොත්, ළමයාට සාහිත්‍යයෙන් මුණ ගැහෙන අපූර්ව වූ, චමත්කාරජනක අත්දැකීම් සහිත ලොව අහිමි වෙනවා.

ළමා මනස පෝෂණය කිරීමත් දෙමාපියන් වෙත පැවරෙන විශේෂ වගකීමක්. ඒ සඳහා සාහිත්‍ය උපකාරී වෙනවා. ළමා පරපුර තුළ කියැවීමේ පුරුද්ද වර්ධනය කළ යුතුය යැයි අප නිතර කියනවා. කියැවීමේ දී දැනුම ලබා ගැනීම හා රසාස්වාදය යන අරමුණු දෙකම ස්පර්ශ වීම වඩා හොඳයි. එමඟින් ළමයින් තුළ බුද්ධිමත්ව පරිශීලනය හා රසවින්දනය වර්ධනය වෙනවා. ඔහු හෝ ඇය ඉහළ පංතිවලට ගිය විට පොතක පටුන, සූචිය වැනි අංග බලා සිය අවශ්‍යතා ඉටු කර ගන්නේ කෙසේද? යන්න ගැන ඉගෙන ගන්නවා. තොරතුරු ලබා ගැනීමට බල කරන පොත පත පමණක් කියවීමට ඔබ ඔබේ දරුවාව යොමු කළහොත්, ළමයාට සාහිත්‍යයෙන් මුණ ගැහෙන අපූර්ව වූ, චමත්කාරජනක අත්දැකීම් සහිත ලොව අහිමි වෙනවා. ඔවුන්ගේ කල්පනා ශක්තිය මොට වෙනවා. අතීතයේ නිවස කේන්ද්‍ර කරගෙන අපූරු සංස්කෘතීන් ගොඩනැගී තිබුණා. අත්තම්මා සතු කතා තොටිල්ලේ, පවුලේ කුඩා දරුවන් නැළවී කල් ගෙවා. චමත්කාරජනක ජන කතා ඔවුන් රස වින්දා. නමුත් වර්තමානය වන විට ඒ අව්‍යාජ සංස්කෘතික අංගය ගිලිහී ගොස්, කතාත්, අත්තම්මලාත් මිහිදන්ව ගොස් තියෙනවා. අපේ අතීතයේ තිබුණු ඒ සාරවත් පුරුදු යළි යළි මතු කරන්න. ඒක දෙමාපියන්ගේ වගකීමක්.

ළමයෙකුගේ වර්ධනය සඳහා වැඩිහිටියෙකුගේ ආදරය අත්‍යවශ්‍යයි. තමන්ගේ දෙමාපියන්ගේ ආධාරය තමන්ට සෑම විටම ලැබේ යැයි යන විශ්වාසය ළමයෙක් තුළ තහවුරු වූ විට, ඔහුගේ අනාගතයට ස්ථිර අඩිතාලමක් වැටෙනවා. එසේ නොවුණු විට ළමයා තුළ ඇතිවන්නේ මානසික අසහනයක්. දෙමාපියන් සෑම කෙනෙක්ම දරුවාට මේ විශ්වාසය ඇති කර ගැනීමට ඉඩ සලසා දිය යුතුයි. ළමයාට ඔහුගේ පරිසරය තුළින් කරුණාව ඇති කර ගැනීමට ඉඩ තිබිය යුතුයි. හොඳ සහ නරකට ඇත්තේ සාපේක්ෂ අර්ථයක්. ඔබ “හොඳ” යැයි නිර්වචනය කරන යමක්, දෙයක්, කෙනෙක් තවත් තැනක “නරක” යන නිර්වචනයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවා කරන වැරදි යැයි හැඟෙන, දැනෙන සිදුවීම්වලට දඬුවම් පැණවීම සෑම විටම නිවැරැදි නැහැ. වැරදි යැයි හැඟෙන සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශාරීරික හෝ මානසික දඬුවම් ලබා දීම සුදුසු නැහැ. දඬුවම භීතියේ නොව අවබෝධය පවතින සැලැස්මක් විය යුතුයි. විශේෂයෙන්ම ශාරීරික දඬුවම් වලින් දරුවා බියට පත්වෙනවා. නමුත් තමන් කළ දේ වැරදිද කියන අවබෝධය ඔහුට හෝ ඇයට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම පවුල් සංස්ථාව කෙරෙහි දරුවා තුළ තබන විශ්වාසය යටපත් වීමට ද මෙය හේතුවක් වෙන්න පුළුවන්. සාකච්ඡා කිරීම, සීමා පැහැදිලි කිරීම් වැනි ක්‍රමෝපායන් දඬුවම් වෙනුවට යොදා ගන්න පුළුවන්. ඉගෙනීම යනු යම් කිසි සීමාවක් දක්වා සිදු කළ යුත්තක් නොව, සකල ක්‍රියා හා බැඳුණු ජීවිත ක්‍රියාවක් සේ දරුවාට හැඟෙන්න උපකාර කිරීමට ප්‍රථම ඔබ එය අවබෝධ කරගෙන සිටිය යුතුයි. දරුවා යනු තෙත මැටි ගොඩක් බවත්, ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් බවත් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්.

නජීලා අදිකාරී

ඉරා අදුරුපට