දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම නළුවෙකු වශයෙනි.

89 වැනි වියෙහි පසු වූ ධර්මේන්ද්‍ර ගේ අභාවය සිදු වූයේ පසුගිය 24 වැනි දින යි. ඊට සති කිහිපයකට පෙර සිටම ඔහු පසු වූයේ දැඩි අසනීප තත්වයෙනි. මේ නිසා පසුගිය ඔක්තෝබර් 31 වැනි දින ඔහු මුම්බායි හි බී‍්‍රච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබිණි.

කෙසේ නමුත්, ඔහුට විශේෂ රෝගී තත්වයක් තිබූ බවක් වාර්තා වූයේ නැත. රෝහල් ආරංචි මාර්ගවලින් ප‍්‍රකාශ වී තිබුණේ ඔහු වියපත් බව නිසා ඇති වූ සංකූලතාවලින් පෙළෙමින් සිටි බව යි. හුස්ම ගැනීමේ අපහසුතාවකින් ද පීඩා විඳිමින් සිටි බවක් පැවසිණි.

නවසිය හැටේ දශකයේ සිනමාවට එක් වූ ධර්මේන්‍ද්‍ර වසර 65 ක සිය සිනමා ජීවිතය තුළ චිත‍්‍රපට 300 කට ආසන්න සංඛ්‍යාවක රඟ පා ඇති බව සඳහන් වේ. ඔහු බෙහෙවින් වියපත්ව සිටිය දී පවා රංගනය අත්හැරියේ නැත. මේ මෑත කාලයේ ද ධර්මේන්‍ද්‍ර චිත‍්‍රපටවලට සම්බන්ධ වූ අතර ඔහුගේ අවසන් චිත‍්‍රපටය Ikkis ලබන මාසයේ තිරගත වීමට නියමිත බව සඳහන් වේ. බන්ධිනී, ෂෝලේ, චුප්කේ චුප්කේ, පූල් ඕර් පතාර්, යාදන් කි භාරත් ඇතුළු ජනපි‍්‍රය චිත‍්‍රපට රැසක ඔහු රඟපෑ අතර ධර්මේන්ද්‍ර ගේ කඩවසම් බව නිසා එකල බොහෝ සිනමා රසිකාවියෝ ඔහුට වහවැටී සිටියෝය. ඔහු ගේ ඡුායාරූප කොට්ට යට තබාගෙන නිදා ගැනීමට මේ ඇතැමුන් පුරුදු වී සිටි බව ද පැවසේ.

දින කිහිපයක් ප‍්‍රතිකාර ගැනීමෙන් පසු නොවැම්බර් 12 වැනි දින ධර්මේන්‍ද්‍රට රෝහලෙන් නික්ම යාමට අවසර ලැබිණි. ඔහු අභාවප‍්‍රාප්ත වූයේ නිවසේ විවේක සුවයෙන් පසු වෙද්දී යි.

එදිනම සවස ඔහුගේ අවසන් කටයුතු සිදු කරනු ලැබිණි. සිනමාවට සම්බන්ධ බොහෝ දෙනෙකු එම අවස්ථාවට සහභාගි වී සිටි බව වාර්තා විය. අමිතාභ් බච්චන්, ෂාරුක් ඛාන්, දීපිකා පාදුකෝන්, රන්වීර් සිං, ආමීර් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂේ කුමාර් ඇතුළු තවත් බොහෝ අය ඒ අතර වූ බව සඳහන් විය.

නවසිය හැටේ දශකයේ සිනමාවට එක් වූ ධර්මේන්‍ද්‍ර වසර 65 ක සිය සිනමා ජීවිතය තුළ චිත‍්‍රපට 300 කට ආසන්න සංඛ්‍යාවක රඟ පා ඇති බව සඳහන් වේ. ඔහු බෙහෙවින් වියපත්ව සිටිය දී පවා රංගනය අත්හැරියේ නැත. මේ මෑත කාලයේ ද ධර්මේන්‍ද්‍ර චිත‍්‍රපටවලට සම්බන්ධ වූ අතර ඔහුගේ අවසන් චිත‍්‍රපටය Ikkis ලබන මාසයේ තිරගත වීමට නියමිත බව සඳහන් වේ. බන්ධිනී, ෂෝලේ, චුප්කේ චුප්කේ, පූල් ඕර් පතාර්, යාදන් කි භාරත් ඇතුළු ජනපි‍්‍රය චිත‍්‍රපට රැසක ඔහු රඟපෑ අතර ධර්මේන්ද්‍ර ගේ කඩවසම් බව නිසා එකල බොහෝ සිනමා රසිකාවියෝ ඔහුට වහවැටී සිටියෝය. ඔහු ගේ ඡුායාරූප කොට්ට යට තබාගෙන නිදා ගැනීමට මේ ඇතැමුන් පුරුදු වී සිටි බව ද පැවසේ.

සිනමා නිළියන් පවා ධර්මේන්ද්‍රගේ කඩවසම් බව ගැන කතා කර තිබේ. වරක් මධුරි ඩික්සිත් පැවසුවේ ධර්මේන්ද්‍ර යනු සිනමාව තුළ තමා දුටු කඩවසම්ම නළුවකු බව යි. සල්මාන් ඛාන් වරක් ධර්මේන්ද්‍ර හඳුන්වා තිබුණේ ‘’ලස්සනම මනුස්සයා’’ යනුවෙනි. ලෝකයේ කඩවසම්ම පිරිමින් පිලිබඳ සකස් කළ ලැයිස්තුවල නිතර ඔහුගේ නම ඇතුළත් විය. කෙසේ නමුත් ධර්මේන්‍ද්‍ර වරක් පවසා තිබුණේ අනෙක් අය තමාගේ කඩවසම් බව ගැන කතා කරන විට තමාට මහත් අපහසුතාවක් දැනෙන බව යි.

ධර්මේන්‍ද්‍ර ඉතා නිරහංකාර සහ සරළ ජීවිතයක් ගත කිරීමට පි‍්‍රය කළ කෙනෙකු ලෙස ද ප‍්‍රසිද්ධ ය. ඔහුගේ ත්‍යාගශීලී බව, අනුන්ට උදව් කිරීමට දැක් වූ කැමැත්ත සිනමා ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. වරක් ෂාරුක් ඛාන් පැවසුවේ ඔහු තමාට පියෙකු මෙන් වූ බව යි. කෙතරම් ප‍්‍රසිද්ධියට, ජනපි‍්‍රයත්වයට පත් වුවත් ධර්මේන්ද්‍ර පොලොවේ පය ගසා ජීවත් වූ කෙනෙකු ලෙස සැලකිණි.

සිනමාව තුළ ධර්මේන්‍ද්‍ර යන තනි නමින් හැඳින්වුණත් ඔහුගේ සම්පූර්ණ නම ධර්මේන්‍ද්‍ර කෙවාල් කි‍්‍රෂාන් ඩියොල් ය. 1935 දෙසැම්බර් 8 වැනි දින ඔහු උපත ලැබුවේ පන්ජාබ් ප‍්‍රදේශයේ යි. තමා පළමු වරට චිත‍්‍රපටයක් නැරඹුවේ නව වැනි පන්තියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ බවත්, චිත‍්‍රපටවලින් පෙන්වන සුන්දර සිහින ලෝකයට ඇතුල් වී එහි කොටස්කාරයකු වීමේ ආශාව එ් කාලයේම තමා තුළ ඇති වූ බවත් ධර්මේන්‍ද්‍ර වරක් පැවසුවේය.

කෙසේ නමුත් ඔහුට සිනමාවට එක් වීමට මව්පියන්ගෙන් අවසර ලැබී තිබුණේ නැත. ‘ඔයා පවුලේ වැඩිමලා. ඔයාට පවුලේ වගකීම් ගොඩක් තියෙනවා’ සිනමාවට එක් වෙනවාට විරෝධය පළ කරමින් තම මව එසේ පැවසූ බව ධර්මේන්ද්‍ර සඳහන් කර තිබේ. දෙමාපියන්ගේ මෙම විරෝධය නිසා ඔහු මහත් දුකට පත්ව සිටි බව සඳහන් වේ.

ධර්මේන්ද්‍ර එකවර විවාහයන් දෙකක් කරගෙන සිටි බව ඔහු සම්බන්ධයෙන් පවතින තවත් අපූරු කතාවකි. ඔහු මුලින්ම විවාහ වී සිටියේ ප‍්‍රකාශ් කවුර් නැමැති කාන්තාවක සමග යි. එම විවාහය කර ගන්නා විට ධර්මේන්‍ද්‍ර ගේ වයස අවුරුදු 19 ක් පමණක් වූ බවක් ද පැවසේ. 1980 වසරේ ඔහු තවත් විවාහයක් කර ගත්තේය. එවර ඔහුගේ බිරිඳ වූයේ හින්දි සිනමාවේ අතිශයින් ජනපි‍්‍රය නිළියක වූ හේමා මාලිනී ය. ධර්මේන්ද්‍ර හේමා මාලිනි සමග විවාහ වුවත් ප‍්‍රකාශ්ගෙන් දික්කසාද නොවූ බව සඳහන් වේ. විවාහයන් දෙකක් කර ගැනීම සඳහා ඔහු ඉස්ලාම් ආගමට හැරුණු බවට ද එකල කතාවක් පැතිරිණි. නමුත් ධර්මේන්ද්‍ර මේ කතා ප‍්‍රතික්‍ෂේප කළේය.

සිනමාවට එක් වීමට පෙර ධර්මේන්ද්‍ර කලක් ලිපිකරුවකු ලෙස රැකියාව කර තිබිණි. එ් ඉංජිනේරු සමාගමක යි.

එම කාලයේ ඔහුට ෆිල්ම්ෆෙයාර් සඟරාව පළ කළ දැන්වීමක් දැකගන්නට ලැබිණි. එහි සඳහන් වූයේ නවක නළු නිළියන් තෝරා ගැනීම සඳහා පවත්වන තරගයක් පිලිබඳව ය. මෙයට අයැදුම්පතක් යවමින් ධර්මේන්ද්‍ර ඊට සහභාගි වූයේය. එම තරගයෙන් දෙවැනි තැන දිනාගන්නට ඔහු සමත් වූ බවට කතාවක් තිබේ. එ් ඔස්සේ සිනමාවට පිවිසෙන්නට මග විවර කරගත් ඔහු පන්ජාබයේ සිට මුම්බායි වෙත පැමිණ සිය සිනමා ගමන ආරම්භ කළේය.

ධර්මේන්ද්‍ර එකවර විවාහයන් දෙකක් කරගෙන සිටි බව ඔහු සම්බන්ධයෙන් පවතින තවත් අපූරු කතාවකි. ඔහු මුලින්ම විවාහ වී සිටියේ ප‍්‍රකාශ් කවුර් නැමැති කාන්තාවක සමග යි. එම විවාහය කර ගන්නා විට ධර්මේන්‍ද්‍ර ගේ වයස අවුරුදු 19 ක් පමණක් වූ බවක් ද පැවසේ. 1980 වසරේ ඔහු තවත් විවාහයක් කර ගත්තේය. එවර ඔහුගේ බිරිඳ වූයේ හින්දි සිනමාවේ අතිශයින් ජනපි‍්‍රය නිළියක වූ හේමා මාලිනී ය. ධර්මේන්ද්‍ර හේමා මාලිනි සමග විවාහ වුවත් ප‍්‍රකාශ්ගෙන් දික්කසාද නොවූ බව සඳහන් වේ. විවාහයන් දෙකක් කර ගැනීම සඳහා ඔහු ඉස්ලාම් ආගමට හැරුණු බවට ද එකල කතාවක් පැතිරිණි. නමුත් ධර්මේන්ද්‍ර මේ කතා ප‍්‍රතික්‍ෂේප කළේය.

ධර්මේන්‍ද්‍රගේ වැඩිමල් දරුවන් වන සනී ඩියොල් සහ බොබී ඩියොල් පළමු විවාහයේ දරුවන් ය. ඔහුගේ දියණිය වන ඊශා ඩියොල් ලැබුණේ හේමා මාලිනි සමග විවාහයෙනි.

නිහාල් පීරිස්

පහන් ටැඹ