දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක රැසක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.එම සංවිධානය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6.00 සිට හෙට (05) පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබේ.එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන බවයි සඳහන් වෙයි.

කාලීන පුවත්