දුම්රිය කාර්ය සහායක පුරප්පාඩු 200ක්

අවිධිමත් ලෙස දුම්රිය ආරක්ෂක අංශය වෙත බඳවා ගත් දුම්රිය කාර්ය සහායකයන් පිරිසක් මුල් පත්වීම් ලද දුම්රිය ස්ථාන වෙත මාරුකර නොයැවීමෙන් කොළඹ, අනුරාධපුර හා නාවලපිටිය කොට්ඨාස තුනෙහිම පුරප්පාඩු 200 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බව ජාතික දුම්රිය ලිපිකරු හා සමාන්තර සේවා සංගමය පවසයි.

මෑතකදී පුහුණුව ලත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් 180 ක් පමණ බඳවා ගැනීමෙන් ආරක්ෂක අංශයේ පුරප්පාඩු සම්පූර්ණ වී ඇති බවත් මේ අනුව පෙරාතුව බඳවා ගත් දුම්රිය කාර්ය සහායක (3) තනතුරු දරන සේවකයන් නිදහස් කරන ලෙසට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) විසින් අවස්ථා රැසකදීම කර ඇති එකදු නියෝගයක් හෝ ක්‍රියාත්මක කර නැති බවත් මෙම සංගමයේ ලේකම් සුදත් ධම්මික පැවසීය.

කාලීන පුවත්