දෙසැම්බර් මාසයේ ගත වූ මුල් සති දෙකක කාලය තුළ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මස පළමුවනදා සිට 14වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 93,031දෙනෙක් දිවයිනට පැමිණ තිබෙන බවයි.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 21,156ක් ලෙසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයන් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බවයි.
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 2,196,624ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.