දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් ලබන 20වනදා සිට යළි ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිනපතා පස්වරු 09.30ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 05.19ට ත්රිකුණාමලය දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවයි.
එමෙන්ම දිනපතා පස්වරු 07.30ට ත්රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 04.32ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබේ.