නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් වාර්තා වී ඇති එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද සීමාවට වඩා 25 ගුණයකටත් වඩා වැඩි අගයක් බවද සඳහන් වේ.

එරට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ මෙම මට්ටමේ වායු දූෂණයට නිරාවරණය වීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවයි.

කාලීන පුවත්