නවක වදය නමැති අපරාධය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දැමීමට නම් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

නවක වදය නැවැත්වීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක්.ඒ සඳහා මතු දැක්වෙන මූලික පියවර ගත හැකි බවයි මගේ වැටහීම.

1) සෑම විශ්ව විද්‍යාලයකම පීඨයන් වෙන වෙනම ප්‍රදේශවල ස්ථාපිත කළ යුතුයි .
2) වෙන වෙනම ස්ථාපිත කරන පීඨයන් වල එක් එක් අධ්‍යන වසර සඳහා දේශන එකි`නෙකින් ඈත් වූ වෙනම පරිශ්‍රයන් තුළ පැවැත්විය යුතුයි ඒ අයට පමණක් සීමා වූ ආපනශාලා , වැසිකිලි කැසිකිලි, පුස්තකාල ආදී අවශ්‍යතාවයන් සැපයිය යුතුයි .
3) විශ්ව විද්‍යාලය ඇතුළත නේවාසික පහසුකම් ලබා නොදිය යුතු අතර ඒවා එකම පීඨයක එකම වසරක අය සඳහා පමණක් ඔවුන්ගේ දේශන පවත්වන පරිශ්‍රයට ආසන්නව ලබාදිය යුතුයි

දකුණු ආසියාවේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව පාකිස්ථානය සහ නේපාලය යන රටවල් වල විශ්ව විද්‍යාල වල පවතින නවක වදය දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ ඇරඹී ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමේ දී පැහැදිලි වනවා. උතුරු අමරිකාවේ Hazing එක්සත් රාජධානියේ Fagging, ප්‍රංශයේ Bizutage සහ පෘතුගාලයේ Praxe ආදී නම් වලින් හැඳින්වෙන නවක වදයන් උසස් අධ්‍යාපන ආයතනවල දක්නට ලැබෙනවා.මේ අතුරින් ඉහළම සහ දරුණුම ආකාරයේ නවක වදය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළයි.කැනඩාව සහ ජපානය වැනි රටවල නවක වදය සම්පූර්ණයෙන්ම තුරන් කොට තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පනත් මගින් මෙම නවක වදය අපරාධමය වරදක් ලෙස නම් කොට දඬුවම් නියම කොට තිබෙනවා. කෙසේ වෙතත් කෙතරම් උත්සාහ කළත් මේ වනතුරු නවක වදය නමැති “අපරාධය” සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නවතා දැමීමට හැකියාවක් ලැබිලා නැහැ.


නවක සිසු සිසුවියන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට ඇති බිය නිසාම ඔවුන්ට වද දෙන අය හෙළිකිරීමට ඉදිරිපත් වන්නේ නැහැ.එවන් වදයන් තමන් තමන්ටම කර ගත්තා කියල කියන්න කියලයි ජ්‍යෙෂ්ඨ සිසුන් ඔවුන්ට උපදෙස් දීල තියෙන්නේ.ස්වකෘත හෙවත් තමන් තමන්ටම කරගන්නා පීඩාව පීඩාවක් නොවන බව අපරාධ නීතියේ මූලධර්මයක් වන බැවින් එවිට සැබෑ අපරාධකරුවන්ට දඬුවම් කරන්න ලැබෙන්නෙ නැහැ.
විශ්ව විද්‍යාල ඇතුළත සීසිටීවි කැමරා සවි කරන්න දෙන්නෙත් නැහැ.ඒ නිසා මේ සම්බන්ධව සාක්ෂි ලබා ගැනීමට හැකියාවකුත් නැහැ.
ඒවගේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ සිසුන්ට සුහද සබඳතාවක් පවත්වන්න ජ්‍යෙෂ්ඨ සිසුන් ඉඩ ලබා දෙන්නේ නැහැ.ආචාර්යවරුන් සිසුන් පෞද්ගලිකව හඳුනාගතහොත් විභාගවල දී ඔවුන් අසමත් කරන බවටත්, ගැහැණු ළමුන්ට නම් ලිංගික අල්ලස්. ගැහැණු ළමුන්ට නම් ඔවුන්ට ලිංගික අල්ලස් දීමට සිදුවන බවට ජ්‍යෙෂ්ඨ සිසුන් ප්‍රකාශ කරන බැවින් නවක සිසුන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ වැඩි සුහදතාවක් ඇති වන්නේ නැහැ.

පිරිමි ළමයින් ගැහැණු ළමයින් වෙත කායික ලිංගික හිංසනයන් සිදු කිරීම වගේම සිසුන්ගේ සිරුරු ස්පර්ශ කිරීම පහරදීම වැනි තත්ත්වයන් කරා වර්ධනය වී ඇති බව වාර්තාවලින් පෙනී යනවා. නවක වදය ලබාදීම, “විශ්ව විද්‍යාල සම්ප්‍රදායක්” ලෙසත් සිය දේශපාලන පක්ෂයට නවක සිසුන් නතු කර ගැනීම සඳහාත්, හුදු සතුටක් ලබා ගැනීම සඳහාත් යොදා ගනු ලබනවා.

ඉස්සර කාලේ නවක වදය ලබාදීම යම් ශික්ෂණයක් අනුව සිදු කළා.එහිදී පිරිමි ළමයින් විසින් ගැහැනු ළමයින්ට කායික හෝ ලිංගික වද දීම් සිදුකිරීම තහනම් කොට තිබුණා.නවක සිසුන්ගේ සිරුරට අත තැබීම ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් කළා. කායික වදයන් ලබාදීමේදී නවක ශිෂ්‍යයන් යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ද යන්න සොයා බැලුණා.ඔහු තදබල ලෙස අකමැති වන ක්‍රියාවන් බලහත්කාරයෙන් කෙරෙව්වේ නැහැ. ඒ වගේම නවක වදය ලබා දීම සඳහා “අයිතිය” ලැබුණේ ඊට ප්‍රථම වසර වලදී නවක වදයට භාජනය වූ සිසුන්ට විතරයි.
කෙසේ වෙතත් මේ වන විට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා පිරිමි ළමයින් ගැහැණු ළමයින් වෙත කායික ලිංගික හිංසනයන් සිදු කිරීම වගේම සිසුන්ගේ සිරුරු ස්පර්ශ කිරීම පහරදීම වැනි තත්ත්වයන් කරා වර්ධනය වී ඇති බව වාර්තාවලින් පෙනී යනවා.
නවක වදය ලබාදීම, “විශ්ව විද්‍යාල සම්ප්‍රදායක්” ලෙසත් සිය දේශපාලන පක්ෂයට නවක සිසුන් නතු කර ගැනීම සඳහාත්, හුදු සතුටක් ලබා ගැනීම සඳහාත් යොදා ගනු ලබනවා.

නවක සිසුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සරසවියට ඇතුළු වූ විට ඔවුන්ගේ සංඛ්‍යාව සීමිත වීමත් ඔවුන් එකි`නෙකා අතර හොඳින් දැන හැඳින ගැනීමක් නොමැති වීමත් නිසා නවක වදය සඳහා එක්ව විරුද්ධ වීමට ඔවුන්ට හැකියාවක් නැහැ.ඒ වගේම සිය අධ්‍යයන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ උපකාරය බලාපොරොත්තු වීමත් මෙයට විරුද්ධ නොවීමට තවත් හේතුවක්.

වර්තමාන අධ්‍යාපන රටාව තුළ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සිසුන් නිසි පරිදි සමාජ සංයෝජනයක් වෙලා නැහැ.අන්තර් පුද්ගල සබඳතා ඉතාම අඩුයි.ප්‍රශ්න ගැටලු විසඳීමේ හැකියාවන් නැහැ.සමාජය තුළ ප්‍රායෝගිකව ජීවත් වීම සඳහා අත්දැකීම් නැහැ.ඒ අය හුදෙක් පොත පත අධ්‍යාපනය වෙත පමණක්ම යොමු වූ අයයි. බොහෝ විෂය කරුණු කට පාඩම් කරගෙන, උත්තර කට පාඩම් කරගෙන විභාග සමත්වීමේ ප්‍රවණතාවයක් තමා තිබෙන්නේ. එහෙම අය මේ වගේ විශ්ව විද්‍යාල පරිසරයක දෙමාපියන්ගෙන් වෙන් වී තනිව ගත කිරීමට ජීවිතයේ පළමු වතාවට සිදුවීම තුළ මුහුණ දෙන නවක වදය වැනි තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉතා අඩුයි.

උසස් පෙළ විභාගයෙන් ඉහලින් සමත් වුවත් බොහොමයක් සිසු සිසුවියන් නවක වදේ හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමට දැඩි බියක් දක්වනවා. මේක නිසාම සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් පෞද්ගලික අංශයෙන් සිය උපාධි ලබා ගැනීමට පෙළඹී සිටිනවා.
වර්තමාන අධ්‍යාපන රටාව තුළ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන සිසුන් නිසි පරිදි සමාජ සංයෝජනයක් වෙලා නැහැ.අන්තර් පුද්ගල සබඳතා ඉතාම අඩුයි.ප්‍රශ්න ගැටලු විසඳීමේ හැකියාවන් නැහැ.සමාජය තුළ ප්‍රායෝගිකව ජීවත් වීම සඳහා අත්දැකීම් නැහැ.ඒ අය හුදෙක් පොත පත අධ්‍යාපනය වෙත පමණක්ම යොමු වූ අයයි. බොහෝ විෂය කරුණු කට පාඩම් කරගෙන, උත්තර කට පාඩම් කරගෙන විභාග සමත්වීමේ ප්‍රවණතාවයක් තමා තිබෙන්නේ. එහෙම අය මේ වගේ විශ්ව විද්‍යාල පරිසරයක දෙමාපියන්ගෙන් වෙන් වී තනිව ගත කිරීමට ජීවිතයේ පළමු වතාවට සිදුවීම තුළ මුහුණ දෙන නවක වදය වැනි තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉතා අඩුයි.මේ නිසාවෙන්ම සරසවි සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් විශාදය ඇතුළු මානසික රෝගවලින් පෙළෙන බව නොරහසක්. විශාදය උත්සන්න වීම කෙළවර වන්නේ සියදිවි නසා ගැනීම්වලින්.

මේ නිසා පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම පොත පත අධ්‍යාපනයට අමතරව, විභාග සඳහා යොමු කරන පාසල් විෂයක් ලෙස නොව, සමාජය තුළ ජීවත්වන ආකාරය, ප්‍රශ්න ගැටලු විසඳන ආකාරය, අභියෝග වලට මුහුණ දෙනආකාරය වැනි ජීවන නිපුණතා සංවර්ධනය කිරීමට විෂය සමගාමීවම කටයුතු කළ යුතු වනවා.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

එතෙර - මෙතෙර