පසුගිය වසරේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න ඇමතුම් රැසක්

පාරිභෝගික අධිකාරියට පසුගිය වසරේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

ඇමතුම් 10,616ක් ලැබී ඇති බවයි ඔවුන් පවසයි.ඒවායෙන් පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වන අතර, දිස්ත්‍රික් කාර්යාල වෙත එම පැමිණිලි යොමු කිරීමටයි ඔවුන් කටයුතු කර තිබේ.

එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් හා විමර්ශන කටයුතු සාර්ථකව අවසන් කිරීමට පාරිභෝගික අධිකාරිය සමත් වී තිබේ.ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මෙම මස අවසන් වීමට පෙර නිමා කිරීමයි ඔවුන්ගේ සැලසුම වී ඇත.

මීට අමතරව 1977 අංකය වෙත ලැබුණු සෙසු ඇමතුම් 5,590 අතරට දැනුවත් වීම් සඳහා සිදුකරන ලද විමසීම්, පාරිභෝගිකයින්ට සිදුවන අසාධාරණකම් සඳහා පුද්ගලික සහන ලබා ගැනීමට පැමිණිලි කළ යුතු ආකාරය සම්බන්ධ විමසීම්, අධිකාරියේ කාර්යභාරය පිළිබඳව තොරතුරු විමසීම්, වෙනත් ආයතනවලට අදාළ විමසීම් මෙන්ම විෂය පඨයට අදාළ නොවන පැමිණිලිද ඇතුළත් වෙයි.

තවද කාර්යාලීය වේලාවෙන් පසුව එන පැමිණිලි හඬ පණිවිඩ තැබීමේ පහසුකම යටතේ ඔබට පටිගත කිරීමට හැකියාව ලැබේ.ලැබෙන හඬ පණිවිඩ ආසන්නම රාජකාරී දිනයේදී පරීක්ෂා කිරීම සිදු වනු ඇති.

කාලීන පුවත්