රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ විය.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ , ලබන මස 13 වැනිදා දක්වා පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක බවයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්විමට නොහැකි වූ විෂයන්වලට අදාළව පැවති උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට පාසල්වලට නිවාඩු ලබා දී තිබුණි.මේ අතර, අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ 6 වැනි ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දැමීමට පසුගියදා අණ්ඩුව තීරණය කරනලදි.
ඒ අනුව 6 ශ්‍රේණිය සඳහා මෙවර ක්‍රියාත්මක වන්නේ පැරණි නිර්දේශය බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.ඊට අදාළ මොඩියල මේ වනවිටත් සිසුන් අතට පත් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කරනලදි.