පළාත් කිහිපයක උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලත් අද (12) උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය 39 – 45ත් අතර අගයක පවතී.

එම තත්ත්වය යටතේ වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම හේතුවෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇති වියහැකි බවත් තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කාලීන පුවත්