පළාත් පාලන ආයතනවලට අලුතින් බර වාහන

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදී ගැනිමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධනය සඳහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස අලුතින් මිලදී ගන්නා බවයි.

ඇතැම් පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඇතැම් පළාත් පාලන ආයතන සතු යන්ත්‍ර කල් ඉකුත් වී ඇති බවත්, මිලදී ගෙන ඇති ඇතැම් යන්ත්‍ර ප්‍රමිතියෙන් තොර ඒවා බවයි.

කාලීන පුවත්