දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, නුවරඑළිය, රත්නපුර දිස්ත්රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි.
එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුවී ඇත්තේ කළු ඟග ආශ්රිතව බවයි.
එමනිසා කළු ගඟේ ජල මට්ටම සීඝ්ර ලෙස ඉහළ ගොස් තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව ප්රදේශයන්හී ජල මට්ටමේ වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බවයි.
ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින් කළු ගඟ ආශ්රිත පදිංචිකරුවන් මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම්කද සිදුකර තිබේ.