ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,408 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසන් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉහත තනතුර සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙසද දක්වා තිබේ.
නැවත අයදුම්කිරීමේ දිනය 2025.08.25 දිනෙන් අවසන් වන බැවින්, සියලුම අයදුම්කරුවන් එදිනට පෙර මාර්ගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස දැනුම් දී ඇත.