පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.

හෙට (20) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර, අනිද්දා (21) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

22 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ යෝජනා සම්මත දහයක් විවාදයට ගැනීමට නියමිතයි. 23 වැනි සිකුරාදා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්