පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇත.

කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළදසැලකට රුපියල් 200,000ක දඩ මුදලක් ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර ඇත.

මේ අතර පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2451/41 දරණ ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මළු සඳහා මුදල් අයනොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන් වේ.

කාලීන පුවත්