මේ වන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිදු තීරණයක් රජය මෙතෙක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පැවති කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
නියමිත පරිදි වාර අවසන් කිරීමට ඇත්තේ අප්‍රේල් මස 10වනදා බවත් එතෙක් බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිවී තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක් සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.