පාසල් සිසුන් ගෙනයන අබලන් වාහන හදාගන්න දින 15ක කාලයක්

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැස­කට ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් තත්ත්ව­යෙන් නුසු­දුසු බවත්, දින 15ක් ඇතු­ළත අලු­ත්වැ­ඩියා කට­යුතු කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලී­සි­යට වාර්තා කරන ලෙස රියැ­දු­රන්ට දැනුම් දුන් බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

ඔක්තෝ­බර් මස 01 වැනි­දාට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කර­ගෙන 1926 ශ්‍රී ලංකා ළමා දුර­ක­ථන සේවය පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ ස්ටික­ර­යක් ඇල­වීමේ ජාතික වැඩ­ස­ට­හන් මාලාවේ සමා­ර­ම්භක උලෙළ පසු­ගි­යදා කොළඹ ආනන්ද විද්‍යා­ල­යේදී ආරම්භ විය.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පහක් වන ආනන්ද විද්‍යා­ලය, නාලන්දා විද්‍යා­ලය, රාජ­කීය විද්‍යා­ලය, විශාකා විද්‍යා­ලය සහ කොළඹ සිරි­මාවෝ බාලිකා විද්‍යා­ලය යන පාස­ල්වල ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ­වල ප්‍රවා­හ­නයේ සුදු­සු­භා­වය පරීක්ෂා කිරීම ද ඊට සම­ගා­මීව සිදු විය.

එහිදී පරී­ක්ෂා­වට ලක් කළ රථ­වා­හන 500කට ආසන්න ප්‍රමා­ණ­යක් අත­රින් නුසු­දුසු යැයි පෙනී ගිය පාසල් වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් නාරා­හේ­න්පිට ශාලිකා ක්‍රීඩාං­ග­ණයේ ගාල් කර ඇති අතර, මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් ඒවා පරී­ක්ෂා­වට ලක් කර ඇත.

එහිදී හඳු­නා­ගත් ප්‍රවා­හ­න­යට නුසු­දුසු තත්ත්වයේ පාසල් වෑන් රථ­ව­ලට දින 15ක කාල­යක් අලු­ත්වැ­ඩියා කට­යුතු සඳහා දුන් අතර, ඒවා නැවත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තු­වට සහ පොලී­සි­යට වාර්තා කර ප්‍රවා­හන අව­කා­ශය ගන්නැයි දැනුම් දුන් බව ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

කාලීන පුවත්