පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව සභාපතිවරයා කියා සිටියි.
මේ සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන අතර කොට්ඨාශයක් ඇතුළත ඇත්තේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කරනු ඇත.
එමෙන්ම එක් කොට්ඨාසයක් ඇතුළත ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේ නම් සමහර ස්ථානවල ඡන්ද පොළේදීම ඡන්ද ගණන් කිරීම සිදු කරන බව ඔහු සඳහන් කරයි.