පෙර­හර සමයේ මහ­නු­වර කසළ ටොන් 300ක්

මහ­නු­වර නග­රයේ දෛනි­කව එක­තු­වන කස­ළ­ව­ලට අම­ත­රව මහ­නු­වර ඇසළ පෙර­හර සම­යේදී පෙර­හර ගමන් කළ වීථි හා දේවාල ආශ්‍රි­තව කසළ ටොන් 300ක් පමණ එකතු වූ බව මහ­නු­වර මහ නගර සභාව පව­සයි. මෙම කසළ අතර දිරා­පත් නොවන පොලි­තීන් හා ප්ලාස්ටික් බෝතල් ටොන් 30ක් පමණ තිබෙන බව මහ­නු­වර මහ නගර සභාවේ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ ඒක­කයේ අංශ ප්‍රධානි ඉංජි­නේරු නාමල් කරු­ණා­රත්න මහතා පව­සයි.

අලි ඇතුන්ට ආහාර ලෙස ලබා­දෙන කිතුල් කොට, කොස් අතු ඇතුළු අප­ද්‍රව්‍ය ටොන් 200ක් පමණ එකතු වූ බවත් පෙර­හර වීථි­ව­ලින් එකතු වූ අඟුරු ටොන් ගණන 16ක් බවත් ඒ මහතා කීය. පෙර­හර නැර­ඹී­මට පැමි­ණී­මේදී දිරා­පත් නොවන පොලි­තීන් වැනි දේවල් රැගෙන එන්නේ නම් ඒවා නග­රයේ නොදමා නැවත රැගෙන යන ලෙස කොතෙක් දැනුම් දුන්නද බොහෝ පිරි­සක් පොලි­තීන් හා ජල බෝතල් තමන් රැඳී සිටි ස්ථාන­යේම දමා­ගොස් තිබූ බව ද හෙතෙම පවසනලදි.

පෙර­හර නිමා වුවත් අලි ඇතුන් රඳවා සිටි ස්ථාන­වල ගොඩ ගැසී තිබෙන අප­ද්‍රව්‍ය ඉවත් කිරී­මට තවත් දින දෙකක පමණ කාල­යක් ගත­වනු ඇතැයි ද ඒ මහතා පව­සයි.

කාලීන පුවත්