පෞද්ගලික බස්වල ටිකට් නැත්නම් මගීන්ටත් කොන්දොස්තරලාටත් වැඩ වරදී

ඔක්තෝබර් 01 වැනිදා සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් අත ටිකට් පතක් තිබීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ඒ අනුව ලබන 01දා සිට සියලු බස් කොන්දොස්තරවරුන් සෑම මගියකුටම ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම මගීන් ද ටිකට්පත් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණි ජයසිංහ මහතා කියා සිටියි.

සෑම බස් රථයකම ටිකට්පත් නිකුත් කරන යන්ත්‍ර භාවිත කළ යුතු බවට මේ වන විටත් උපදෙස් දී ඇති බව කියා සිටි සභාපතිවරයා මේ වන විටත් ඇතැම් බස් රථ එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් කියා සිටියි.

ලබන 01දා සිට ටිකට්පත් නිකුත් නොකරන බස් කොන්දොස්තරවරුන්ට මෙන්ම ටිකට්පතක් නොමැති මගීන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා මේ අනුව බස් හිමියන්ට නියම ආදායම් ලබාගත හැකි වනු ඇති බව ද කීවේය.

කාලීන පුවත්