රුපියල් විසි හය ලක්ෂයක් අය කිරීමකින් තොරව මඩු සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වන මීගමුවේ බැතිමතුන්ට දුම්රිය පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (11) තීරණය කරනලදි.
ඒ අනුව දුම්රිය හෙට (13) රාත්‍රි 9ට මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර මංගල්‍යය පැවැත්වෙන 15 වැනිදා රාත්‍රියේ එහි සිට යළි පැමිණීමට නියමිතයි.
මෙම දුම්රිය ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තු එකඟතාව පළ කළ බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සදහන් කරන ලදි.