මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ කණ්ඩායම් පත් කරයි

ආපදා සහන සැලසීමේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙනවාද යන්න සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ කණ්ඩායම් පත් කර තිබේ.

ඒ ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙන්. ප්‍රධාන කාර්යාලය හා ඒකාබද්ධව අදාළ කණ්ඩායම් හරහා අධීක්ෂණ ක්‍රියාවලිය සිදු වෙයි.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් මේ වන විට මූලික අධීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කාලීන පුවත්