මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කළයුතු සභිකයන් 56 දෙනකුගේ නාමලේඛන තවමත් එවා නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනලදි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉකුත් මැයි මස 06 වැනිදා පවත්වනලදි.

සභික ධුර හිමිවී ඇති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් නම්කර එවිය යුතු සභික නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පළ කළයුතු වූවත්,දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් දිස්ත්‍රික්ක කිහිපයකට නම් කළයුතු සභික නාමලේඛන මෙතෙක් සම්පූර්ණ කර එවා නොමැති බව නිරීක්ෂණය වන බවද සභාපතිවරයා සදහන්කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව අදාළ නාමයෝජනා කඩිනමින් අදාළ තේරීම්භාර නිලධාරීන්ට ලබාදෙන ලෙස අදාළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දෙනලදි.

කාලීන පුවත්