මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන 339 සදහා තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛන සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට සතියක කාලයක් ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතනවලින් බහුතරය හිමිකරගත් පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (08) දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඊයේ(08) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවයි.

පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කාලීන පුවත්