මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි.
ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. මේ වසරේ දැනට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 988, 669 දක්වා ඉහළ ගොස් තිබේ.