
වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ ආසන්නයට ගමන් කරන ආටෙමිස් 2 ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම මේ දිනවල ජනප්‍රියම මාතෘකාවකි. ඇමෙරිකාවේ නාසා ආයතනය දියත් කළ මෙම මෙහෙයුමේ දී අජටාකාශගාමීන් සිව් දෙනෙකු සඳ වටා චාරිකාවක් සඳහා පෘථිවියෙන් පිටත් වූයේ පසුගිය 1 වැනි දින යි. මෙය දින 10 ක චාරිකාවකි.
අජටාකාශගාමීන් රැගත් යානයක් පෘථිවියේ සිට කි.මී. ලක්ෂ 4 ක් පමණ දුරින් පිහිටි සඳ වෙත ගමන් කිරීම ඉතා දුර්ළභ සිද්ධියකි. මෙවැනි සිදුවීම් මෙයට පෙර සිදු වූයේ නවසිය හැට හැත්තෑව දශකවල යි. ආටෙමිස් 2 මෙහෙයුමට පෙර අවසන් වරට මිනිසුන් සඳ වෙත ගියේ 1972 වසරේ දෙසැම්බර් මාසයේ යි. ඒ ඇපලෝ 17 නැමැති මෙහෙයුම හරහා ය.
අජටාකාශගාමීන් රැගත් යානයක් පෘථිවියේ සිට කි.මී. ලක්ෂ 4 ක් පමණ දුරින් පිහිටි සඳ වෙත ගමන් කිරීම ඉතා දුර්ළභ සිද්ධියකි. මෙවැනි සිදුවීම් මෙයට පෙර සිදු වූයේ නවසිය හැට හැත්තෑව දශකවල යි. ආටෙමිස් 2 මෙහෙයුමට පෙර අවසන් වරට මිනිසුන් සඳ වෙත ගියේ 1972 වසරේ දෙසැම්බර් මාසයේ යි. ඒ ඇපලෝ 17 නැමැති මෙහෙයුම හරහා ය. ඇපලෝ 17 සඳ මත ගොඩබැසීමේ මෙහෙයුමක් වූ බව ද මෙහිදී සඳහන් කළ යුතුය. ආටෙමිස් 2 මෙහෙයුමේ දී සඳ ආසන්නයට ගොස් ඒ වටා ගමන් කිරීමක් විනා සඳ මත ගොඩ බැසීමක් සිදු නොවේ. එසේ වුවත් වසර 54 කට පසු මිනිසුන් සඳ ආසන්නයට යන ආටෙමිස් 2 සුවිශේෂී අභ්‍යවකාශ චාරිකාවකි.
ආටෙමිස් වැඩසටහන යටතේ නාසා ආයතනය මීළඟට දියත් කිරීමට නියමිත ආටෙමිස් 3 මෙහෙයුම සඳ මත ගොඩ බැසීමේ මෙහෙයුමකි. 2028 වසරේ දියත් කිරීමට සැලසුම් කර ඇති එම මෙහෙයුමට අජටාකාශගාමීන් සිව් දෙනෙකු සහභාගි වනු ඇති අතර ඉන් දෙදෙනෙකු සඳ මත ගොඩ බසිනු ඇත. ආටෙමිස් 2 මෙහෙයුම වැදගත් වන්නේ ඉහත කී ආටෙමිස් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අත්හදාබැලීම් සහ පරීක්ෂාවන් රැසක් මෙහි දී සිදු කෙරුණු නිසා ය.
ඒ ගැන විස්තර කතා කිරීමට පෙර ආටෙම්ස් 2 සුවිශේෂී සඳ ගමනට එක් වූ අජටාකාශගාමීන් සිව් දෙනා ගැන යමක් සඳහන් කිරීම වැදගත් වේ. රීඩ් වයිස්මාන් , ක්‍රිස්ටිනා කොක්, වික්ටර් ග්ලෝවර් සහ ජෙරමි හැන්සන් නම් වන ඔවුන් සිව් දෙනාම අභ්‍යවකාශ චාරිකා සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති, පළපුරුදු අජටාකාශගාමීන් ය. මෙම කණ්ඩායමේ නායකයා හෙවත් ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ රීඩ් වයිස්මාන් ය. වික්ටර් ග්ලෝවර් යානයේ නියමුවා ලෙස කටයුතු කරන අතර ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් කටයුතු කරන්නේ මෙහෙයුම් විශේෂඥයන් හැටියට යි. යානයේ ඇති විවිධ තාක්ෂණික පද්ධති අධීක්ෂණය කිරීම, මෙහෙයුම පිලිබඳ වාර්තා තබා ගැනීම ඇතුළු රාජකාරී රැසක් මෙහෙයුම් විශේෂඥයින් විසින් ඉටු කරනු ලැබේ.
මෙහි දී ක්‍රිස්ටිනා, වික්ටර් සහ ජෙරමි කාරණා කිහිපයක් නිසා වාර්තා පොතට එක්වෙති. සඳ ආසන්නයට ගමන් කළ පළමු කාන්තාව ලෙස ක්‍රිස්ටිනා ඉතිහාසගත වන්නීය. ඇය මෙයට පෙර ද වැදගත් වාර්තාවක් පිහිටුවා ඇති අජටාකාශගාමිනියකි. ඒ, එක දිගට වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගත කළ කාන්තාව ලෙස යි. ඇය මෙම වාර්තාව පිහිටුවූයේ දින 328 ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (International Space Station හි) රැඳී සිටිමිනි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළින් රඳවා ඇති අභ්‍යවකාශ විද්‍යාගාරයකි. ක්‍රිස්ටිනා ඉහත වාර්තාව පිහිටුවූයේ 2019 මාර්තු 14 වැනි දින සිට 2020 පෙබරවාරි 6 දක්වා අභ්‍යවකාශයේ ගත කරමින් ය.
ආටෙමිස් 2 චාරිකාවට එක් වූ වික්ටර් ග්ලෝවර් සඳ ගමනකට එක් වූ සුදු ජාතික නොවන පළමු අජටාකාශගාමියා ලෙස වාර්තා පොතට එක් වෙයි. මෙයට පෙර නවසිය හැට හැත්තෑව දශකවල ඇපලෝ වැඩසටහන යටතේ සඳ ගමන්වල නිරත වූ සියළු අජටාකාශගාමීහු සුදු ජාතිකයෝ වූහ.
ආටෙමිස් 2 මෙහෙයුම තුළින් ජෙරමි හැන්සන් වාර්තා පොතට එක්වන්නේ සඳ ගමනකට සහභාගි වූ ඇමරිකානු නොවන පළමු අජටාකාශගාමියා ලෙසිනි. ඔහු කැනේඩියානු ජාතිකයෙකි. රීඩ්, වික්ටර් සහ ක්‍රිස්ටිනා ඇමරිකාවේ නාසා ආයතතනයට සම්බන්ධ අජටාකාශගාමීන් වන අතර ජෙරමි කටයුතු කරන්නේ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියට සම්බන්ධව යි.
රීඩ් සහ ජෙරමි 50 වැනි වියෙහි ද, ක්‍රිස්ටිනා සහ වික්ටර් පිලිවෙලින් 47 සහ 49 යන වයස්වල ද පසුවෙති.
ආටෙමිස් 2 චාරිකාවේ දී ඉහත කී අජටාකාශගාමීන් ගමන් කරන යානය හැඳින්වෙන්නේ ඔරායන් (Orion) යන නමිනි. එය පෘථිවියේ සිට අභ්‍යවකාශයට විදීම සඳහා ඉතා ප්‍රබල රොකට්ටුවක් (හෙවත් එන්ජිමක්) භාවිත කරන ලදී. මෙය හැඳින්වූයේ (Space Launch System) යනුවෙනි.
යානය අභ්‍යවකාශගත කිරීමට සූදානම් කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූපවල පහතින් පෙනෙන දුඹුරු පැහැයට හුරු කොටස් Space Launch System රොකට්ටුවට අයත් කොටස් ය. අජටාකාශගාමීන් ගමන් කරන ඔරායන් යානය ඇත්තේ ඊට ඉහළින් ඇති සුදු පැහැති කොටසේත් ඉහළට වන්නට යි.
යානය සඳ වෙත ගමන් කිරීම ආරම්භ කළේ පෘථිවිය වටා කිහිපවරක් ගමන් කිරීමෙන් අනතුරුව යි. එයින් පසු Space Launch System රොකට්ටුවට පැවරී තිබූ රාජකාරී අවසන් වූයෙන් එය සම්පූර්ණයෙන්ම ඔරායන් යානයෙන් වෙන් විය. ඉන්පසු සඳ වෙත ගමන් කළේ අජටාකාශගාමීන් රැගත් ඔරායන් යානය පමණි.
ඔරායන් යානය තුළ අජටාකාශගාමීන් රැඳී සිටින කොටස ඉතා කුඩා ඉඩක් සහිත කොටසකි. එය කුඩා බස් රියක ඉඩට සමාන ඉඩකින් යුතු එකක් බව ද සඳහන් වේ. නිදා ගැනීම, ආහාර පිලියෙල කිරීම , ව්‍යායාම කිරීම ඇතුළු සියලු කටයුතු ඔවුන්ට කිරීමට සිදුවන්නේ මේ කුඩා ඉඩ ප්‍රමාණයේ ය.

ආටෙමිස් 2 මෙහෙයුමේ අරමුණ සරළව කිවහොත් ඉහත කී ඔරායන් යානය සහ Space Launch System රොකට්ටුව නිසි ආකාරයෙන් ක්‍රියත්මක වන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කිරීම යි. අජටාකාශගාමින් සඳ මත ගොඩ බැසීමට නියමිත ආටෙමිස් 3 මෙහෙයුමේදීත්, ඉන්පසුව දියත් කෙරෙන ඉදිරි ආටෙමිස් මෙහෙයුම්වලදීත් යොදා ගැනෙන්නේ මෙවැනි යානා සහ රොකට්ටුම ය. ඔරායන් යානයට සම්බන්ධ ජල සැපයුම් සහ ඔක්සිජන් සැපයුම් පද්ධති, උෂ්ණත්වය පාලනය කිරීමේ පද්ධති, සන්නිවේදන පද්ධති ආදිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහි දී පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම ඈත අභ්‍යවකාශයේ රැඳී සිටිද්දී එයින් මිනිස් සිරුරට ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම ද ආටෙමිස් 2 හි තවත් ප්‍රධාන අරමුණකි.

මෙම ආටෙමිස් 2 මෙහෙයුමේ අරමුණ සරළව කිවහොත් ඉහත කී ඔරායන් යානය සහ Space Launch System රොකට්ටුව නිසි ආකාරයෙන් ක්‍රියත්මක වන්නේ ද යන්න පරීක්ෂාවට ලක් කිරීම යි. අජටාකාශගාමින් සඳ මත ගොඩ බැසීමට නියමිත ආටෙමිස් 3 මෙහෙයුමේදීත්, ඉන්පසුව දියත් කෙරෙන ඉදිරි ආටෙමිස් මෙහෙයුම්වලදීත් යොදා ගැනෙන්නේ මෙවැනි යානා සහ රොකට්ටුම ය. ඔරායන් යානයට සම්බන්ධ ජල සැපයුම් සහ ඔක්සිජන් සැපයුම් පද්ධති, උෂ්ණත්වය පාලනය කිරීමේ පද්ධති, සන්නිවේදන පද්ධති ආදිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහි දී පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම ඈත අභ්‍යවකාශයේ රැඳී සිටිද්දී එයින් මිනිස් සිරුරට ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම ද ආටෙමිස් 2 හි තවත් ප්‍රධාන අරමුණකි.
ආටෙමිස් 2 අජටාකාශගාමීන් සඳ වෙත වඩාත්ම ආසන්න වීමට නියමිතව ඇත්තේ පෘථිවියෙන් නික්ම 6 වැනි දිනයේ යි. එදින ඔවුන්ගේ යානය කි.මී. 6,500-9,500 ක් තරම් සඳ ආසන්නයට ළඟා වනු ඇත.

ඔවුන් නැවත පෘථිවියට සේන්දු වීමට නියමිතව තිබෙන්නේ නැගෙනහිර ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 10 වැනි දින රාත්‍රි 8.06 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අප්‍රේල් 11 අලුයම 5.36 ට පමණ) ය. යානය යෝධ පැරෂුටවල ද ආධාරයෙන් පතිත වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ ආසන්නයේ පැසිෆික් සාගරයට යි.
ආටෙමිස් 2 යනු ආටෙමිස් වැඩසටහන යටතේ දියත් කළ දෙවැනි මෙහෙයුම යි. මෙයට පෙර 2022 වසරේ ආටෙමිස් 1 මෙහෙයුම දියත් කෙරිණි. එහිදී ද ඉහත කී ආකාරයේ පරීක්ෂාවන් සහ අත්හදාබැලීම් කෙරුණත් එවා සිදු කෙරුණේ අජටාකාශගාමීන් ගේ සහභාගිත්වයකින් තොරව ය. ආටෙමිස් 1 මෙහෙයුම අජටාකාශගාමීන් රහිත මෙහෙයුමක් විය.
නිහාල් පීරිස්