මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් අදත් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි සංඥා පද්ධතිය නවීකරණය කිරීම හේතුවෙන් ය.දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ , එම දුම්රිය ස්ථාන අතර ඉහල සහ පහළ මාර්ගවල දුම්රිය ධාවනය වැඩි කිරිම සඳහා එම සංඥා පද්ධති වැඩිදියුණු කරන බවයි.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ උදෑසන සහ සවස් කාලයේදී ධාවනය වන දුම්රිය විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාද විය හැකි වෙයි.

කාලීන පුවත්