මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2025 නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4ක් ලෙස සටහන් වී තිබෙන බවයි.

ඒ අනුව 2025 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් ලෙස සටහන් වී තිබේ.

මෙය 2024 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේදී 20.7%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවයි සඳහන් වෙයි.

කාලීන පුවත්