මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට මාර්තු 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 692,744ක් දිවයිනට පැමිණ තිබෙන බවයි.ඉන් වැඩි දෙනෙක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.එම සංඛ්‍යාව දැක්වෙන්නේ 135,070ක් ලෙසයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවල්වලින් ද සංචාරකයන් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මාර්තු 01වනදා සිට 22වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 136,089දෙනෙක් දිවයිනට පැමිණ තිබෙන බවයි.