පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉල්ලීමක් කර තිබේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත් වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත්, එවැනි පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස දැනුම්දී තිබේ.