රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ පවසනලදි.
මෙම සියලුම පනත් මගින් සිදුකෙරෙන්නේ ඉඩම් රාජකාරි බව පැවසූ ඔහු එක පනතක් සකස් කිරීම මගින් ඉඩම් පරිහරණය පහසු වන බවද ඔහු පවසයි.
ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීමට සමගාමීව අනෙකුත් ඉඩම් අණ පනත් ලිහිල්විය යුතු බවත්, එමෙන්ම, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට වැඩි බලතල දිය යුතු බවත් ඔහු සදහන්කරයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ඉඩම්වලට අදාළව අවසර ගැනීමේදී තවත් ආයතනයක් එකතුවීම පමණක් යැයිද ලේකම්වරයා කියා සිටියි.