උල්හිටිය-රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කළ බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනලදි.
උල්හිටිය-රත්කිඳ ජලාශයේ එක් වාන් ගේට්ටුවක් මීටර් 0.3ක් බැගින් ද, අනෙක් වාන් ගේට්ටු දෙක මීටර් 0.2ක් බැගින් ද විවෘත කර තිබෙන බැවින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඒ මහතා දැනුම්දෙයි.
2025 යල කන්නයට මහවැලි සී කලාපය සඳහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරීම අවසන් වී ඇති අතර, ජලාශයේ අත්‍යවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සඳහා ජල මට්ටම අඩු කර ගැනීමට මෙසේ වාන් දොරටු විවෘත කර තිබේ. ඉන් ගිරාදුරුකෝට්ට, රත්කිඳ මාර්ගයේ කෝසුව භාවිත කිරීමට බාධාවක් නොවන බව එහි කාර්යභාර නිලධාරී දීප්ත ජයසේකර මහතා සඳහන් කරයි.