රථ­වා­හන දඩ එවේ­ලේම ගෙවීම ඇරැ­ඹෙයි

බස්නා­හිර පළාතේ සහ අධි­වේගී මාර්ග­වල ස්ථානීය දඩ Govpay ඇප් ඔස්සේ ගෙවීම සඳහා ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශය, ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශය සහ පොලී­සිය එක්ව සකස් කරන ලද ක්‍රම­වේ­දය ඊයේ (28) ඇර­ඹිණි. අදාළ දඩ මුද­ල්වල කිසිම වෙන­සක් සිදු කර නැති බවත් ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay ඔස්සේ දඩ ගෙවීම සිදු කළ හැකි බවත් මෙහි ආර­ම්භක අව­ස්ථා­වට එක්වෙ­මින් ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා ප්‍රකාශ කරනලදි.

තැපැල් කාර්යා­ල­වල රස්ති­යාදු නොවී දඩ ගෙවී­මට හැකි­යාව මෙම­ඟින් ලැබෙන බවත් දඩ ගෙවන පුද්ග­ල­යාට වැඩි­පුර ගෙවී­මට වන රුපි­යල් 85ක මුදල ද ඉතිරි වන බවත් ඇමැ­ති­ව­රයා පවසනලදි. මේ දඩ ගෙවීමේ ක්‍රම­වේ­දය සාර්ථක කර ගැනී­මට පොලිස් නිල­ධා­රීන්ට මේ වන විටත් පුහු­ණු­වක් ලබා දී ඇති බවත් ඒ සඳහා ඊයේ (28) දිනයේ දී රථ­වා­හන පොලී­සියේ නිල­ධා­රීන් 1000 කට Govpay ඇප් එක ඔස්සේ දඩ මුදල් ලබා ගැනී­මට හැකි­වන පරිදි ජංගම දුර­ක­තන ලබා දුන් බවත් ප්‍රකාශ කරනලදි.

කාලීන පුවත්