මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාව තිබේද යන්න අද ( 25) පස්වරුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ය.හිටපු ජනාධිපතිවරයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරකට යහපත් මට්ටමේ පවතින මුත් ඔහුට හෙට දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාව තිබේද?යන්න වෛද්‍යමය වශයෙන් ගත යුතු නිගමනයක් බව ද වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා කීය.