රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15,073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කරනලදි.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තනතුරු 1658ක් සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සේවා නිලධාරීන් ii සහ iii පුරප්පාඩු 300ක් ඇතුළු තනතුරු 493ක් සඳහා බඳවා ගැනීමට අනුමැතිය හිමිවූ බව ඒ මහතා සදහන් කරයි.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කර ඇති නිලධාරි කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති වාර්තා දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒකක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවාගැනීමට නිර්දේශ කර ඇති බව හෙතෙම පවසයි.