ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කරනලදි.
MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට ඇණවුමක් ලැබී ඇති අතර ඉන් වසරකට ඩොලර් මිලියන 110ක ආදායමක් අපේක්ෂා කෙරේ. එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවලට යකඩ අපනයනය කිරීමට MELWA සමූහ ව්‍යාපාරය සූදානම් වෙයි.
මේ යකඩ තොගය ඊයේ (05) කොළඹ වරාය අංගණයේදී නැව්ගත කෙරිණි.