ලෝක බොරතෙල් මිල ඉහළට

මැද පෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්විය.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද අද(02) 9%කින් ඉහළ ගොස් තිබේ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන් විය.

කාලීන පුවත්