වනජීවී දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

වන අලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බඳින තුවක්කු හේතුවෙන් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතියි.

ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.

එලෙස තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඔවුන් පවසයි.

මේ අතර. මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව සඳහන්වේ .

කාලීන පුවත්